ජනප්‍රිය පාසැල් සිසුන් ගොඳුරු කරගන්නා රහස් ජාලයක් ගැන හෙළි වෙයි!
යාපනය නගරයේ පිහිටි ජනප්‍රිය පාසලක සිසුන් පිරිසක් විසින් තවත් පාසැල් කිහිපයක සිසුන් සමඟ සකසා ගත් මාධ්‍ය ජාලයක පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.
“YMD” නමින් හඳුනාගන ඇති මෙම සමාජ මාධ්‍ය ජාලාවේ යාපනයේ පාසල් වල 10 සහ 11 ශ්‍රේණි වලට අයත් සිසුන් පමණක් නොව සිසුවියන්ද විශාල ප්‍රමාණයක් සිටින බව සඳහන් වේ.
මෙම සමාජ මාධ්‍ය ජාලයේ සාමාජික සාමාජිකාවන් විසින් නිරුවත් ඡායාරූප වීඩියෝ හා වෙනත් ලිංගික දර්ශන හුවමාරු කර ගන්නා අතර එම සාමාජිකයන්ගේ පෞද්ගලික ලිංගික ක්‍රියාකාරකම්ද හුවමාරු කරගෙන ඇති බව සඳහන් වේ.
මීට අමතරව ඔවුන් විසින් සාමාන්‍ය සාද පැවැත්වීමත් මත්පැන් හා මත්ද්‍රව්‍ය යොදා ගන්නා සාද පැවැත්වීමත් මෙම සමාජ මාධ්‍ය ජාලය උපයෝගී කොට ගෙන ඇති බව වාර්තා වේ.
නිවෙස් වලට හොරෙන් කෙටි චාරිකා යෑමට ද මෙම සමාජ මාධ්‍ය ජාලය භාවිතා කොට ඇති බවත් සඳහන් වේ.
මෙම සමාජ මාධ්‍ය ජාලය නිසා යාපනයේ සිසු සිසුවියන් විනාශ වීම වළක්වා ගැනීමට මේ පිළිබඳ සොයා බලා එම සිසුන්ට යම් දැනුවත් කිරීමක් සිදු කරන ලෙස යාපනයේ ස්වේච්ඡා සංවිධාන මෙම සමාජ මාධ්‍ය ජාලය මෙහෙයවන බලධාරීන්ගෙන් ඉල්ලීමක් සිදු කර ඇති බවද වාර්තා වේ.
