අල්ලස් කොමිසමෙන් චන්ද්‍රාණී බණ්ඩාරටත් අධි චෝදනා

Report

අද (6) දින කොළඹ මහාධිකරණයේදී හිටපු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියට අධි චෝදනා භාර දී ඇති බවට වාර්තා වේ.

ඇය යහපාලන රජය කාලයේ කාන්තා හා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කර තිබෙනවා.

සභාව උණුසුම් වෙයි - චමින්ද කතානායක සභාවේ හැප්පෙයි

සභාව උණුසුම් වෙයි - චමින්ද කතානායක සභාවේ හැප්පෙයි

ඒ අනුව මෙසේ ඇයට අධිචෝදනා භාර දී ඇත්තේ චන්ද්‍රාණි බණ්ඩාර අමාත්‍යවරිය වශයෙන් ක්‍රියා කරන අවදියේදී නිත්‍යානුකූල ක්‍රමවේද අනුගමනය කිරීමෙන් තොරව එච්. එම්. චන්ද්‍රවංශ නම් පුද්ගලයෙක් වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධුරයට පත් කිරීම සම්බන්ධයෙන්.

තවද ඇය තම හිතවතුන් පිරිසක් නීත්‍යානූකූල නොවන ලෙස විවිධ තනතුරුවලට පත්කිරීම ද ඇතුළත් බව සඳහන්.

මෙම අධිචෝදනා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් ඇයට ගොනු කර ඇත.

පහේ ශිෂ්‍යත්වය අහෝසියි.. රජයේ ස්ථාවරය මෙන්න

පහේ ශිෂ්‍යත්වය අහෝසියි.. රජයේ ස්ථාවරය මෙන්න

ඒ අල්ලස් පනතේ 'දූෂණය' නම් වූ වරද යටතේ වේ.

මෙම අධිචෝදනා භාරදීම මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ දී සිදු විය. ඉන්පසු විත්තිකාරිය රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර ඇති බවට වාර්තා වේ.

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...