ජගත් පරිසර දින ජාතික උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් [VIDEO]
2025 ජුනි 05 වන දින, ජගත් පරිසර දිනයට සමගාමීව පැවැත්වෙන ජාතික පරිසර උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල, නිදහස් මාවතේදී උත්කර්ෂවත් අන්දමින් ආරම්භ වී තිබේ.
මෙම උත්සවය පරිසර සංරක්ෂණය සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් සංවිධානය කර ඇති අතර, එය රජයේ පරිසර සංරක්ෂණ වැඩපිළිවෙළවලට සමගාමීව පැවැත්වෙන ප්‍රධාන ජාතික උත්සවයකි.
මෙම අවස්ථාවට ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන් මහතා ද විශේෂ ආරාධිතයෙකු ලෙස එක්ව සිටි අතර, ඔහුගේ සහභාගිත්වය මෙම උත්සවයට ඓතිහාසික හා සංස්කෘතික වටිනාකමක් එක්කර තිබේ.