මුදල් වංචාවකට වරදකරුව ජනාධිපති සමාව යටතේ නිදහස් කරලා

Anura Kumara Dissanayaka President of Sri lanka Prisons in Sri Lanka Prison Sinhala news
By Ashfa Jun 06, 2025 10:27 AM GMT
Ashfa

Ashfa

Report

රුපියල් ලක්ෂ 40ක් වංචා කර සාවද්‍යව පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය විසින් වරදකරු ලෙස නියම කර සිර දඬුවම් ලද CDB මූල්‍ය ආයතනයේ අනුරාධපුර ශාඛාවේ හිටපු කළමනාකරු ඩබ්. එම්. අතුල තිලකරත්න මහතාට එරෙහිව පැවති නඩුවෙන් නිදහස් කර මුදා හරින ලෙස උතුරු මැද පළාත් මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් මහත්මිය නියෝග කළාය.

කොල්ලෙක්ව විනාඩි 5ක් බදාගන්න සල්ලි ගෙවන කෙල්ලෝ (PHOTO)

කොල්ලෙක්ව විනාඩි 5ක් බදාගන්න සල්ලි ගෙවන කෙල්ලෝ (PHOTO)

මෙම නියෝගය නිකුත් කරනු ලැබූයේ, 2025 ජූනි 4 වනදා නඩුව යළි කැඳවූ අවස්ථාවේදී අනුරාධපුර බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළ ලිඛිත වාර්තාවක් සලකා බැලීමෙන් අනතුරුවය. එම වාර්තාවේ දැක්වූ පරිදි, 2024 මැයි 12 වන දිනට යෙදුන වෙසක් පෝයදා අධාරයෙන් ජනාධිපති සමාව ලැබූ තිලකරත්න මහතා එම නඩුවෙන් නිදහස් කර ඇත.

රජයෙන් නව නිවාස ලබාදීමේ සැලැස්මක්

රජයෙන් නව නිවාස ලබාදීමේ සැලැස්මක්

මෙම නඩුවට අදාළව, පෙර 2024 මැයි 2 දිනදී තිලකරත්න මහතා වරදකරු කරමින් රු. 20,000ක දඩයකට නියම කර ඇති අතර, එය ගෙවනු නොලැබූහොත් මාස 6ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් යටතට යැවීමටද, වසර 2ක සිරදඬුවමක් වසර 5ක් සඳහා අත්හිටුවා නියම කර තිබුණි. එමෙන්ම වින්දිත පාර්ශ්වයට (පළමු සාක්ෂිකරු) රුපියල් ලක්ෂ 20ක වන්දි මුදලක් ගෙවීමටද නියෝග කර තිබිණි.

ඇවිදින්න යමු කියලා එක්ක ගිහින්...දියණියන් තිදෙනා මරා දැමූ නරුම පියා සැඟවෙයි{PHOTO)

ඇවිදින්න යමු කියලා එක්ක ගිහින්...දියණියන් තිදෙනා මරා දැමූ නරුම පියා සැඟවෙයි{PHOTO)

එම දඩ හා වන්දි මුදල් නොගෙවූවහොත් තවත් මාස 6ක සිරදඬුවමක් නියම විය. නඩුව 2025/06/04 දින යළි කැඳවීමටද නියම විය. මෙම නඩුව සම්බන්ධව 2014 පෙබරවාරි 17 සිට ජුනි 9 තෙක් කාලය තුළ, අරුණ ඉන්දික සෝමරත්න නමැති පුද්ගලයා වෙතින් කොටස් වෙළෙඳ පොලේ ආයෝජනය සඳහා භාරදියුත් වූ රුපියල් ලක්ෂ 40ක මුදලක් විශ්වාසය කඩකර වංචා කර සාවද්‍යව පරිහරණය කිරීම සම්බන්ධයෙන් අධිචෝදනාවක් ගොනු කර තිබිණි. මෙම චෝදනාව යටතේ තිලකරත්න මහතා වරදකරු වී ඇති අතර, එම වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කර තිබේ.

තිලකරත්න මහතා මෙම වරද සිදුකර ඇත්තේ CDB මූල්‍ය ආයතනයේ අනුරාධපුර ශාඛාවේ කළමනාකාරව සිටි කාලයෙහිදීය. මෙම නඩුවෙන් නිදහස් වූ තිලකරත්න මහතාට එරෙහිව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු 20කට අධික පවතින අතර, අනුරාධපුර මහාධිකරණයෙද තවත් කිහිපයක් පවතින බවද සඳහන්ය. මේ සියලු නඩු මූල්‍ය වංචා සම්බන්ධයෙහි වේ.  

ReeCha