නලින්දගේ ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙනස් වෙන ලකුණු..
වත්මන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක් ආයතනයක් ලෙස පවතින නමුත්, එහි සංකීර්ණ විෂය පථයන් දෙක හේතුවෙන් ඒ සඳහා වෙනම අමාත්‍යවරුන් පත් කිරීමට රජය සලකා බලන බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උද්ගතව ඇති අර්බුද ගණනාවක් කළමනාකරණය කිරීමට සිදුව ඇති අතර, රජයේ සියලු ප්‍රතිපත්ති හා තීරණ ජනතාවට දැනුම් දීම ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ සිදු වේ.
වත්මන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙන්ම කැබිනට් අමාත්‍යවරයා ලෙසත් කටයුතු කරන නලින්ද ජයතිස්ස මහතාගේ පුළුල් වගකීම් සලකා බලා මෙම තීරණයට එළඹ ඇති බව වාර්තා වේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය හංසක විජේමුණි මහතා කටයුතු කරන අතර, ඔහුගේ ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගැටලු නිරාකරණය කිරීමටයි.
මේ හේතුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය විෂය පථ වෙන් කිරීමේ අවශ්‍යතාවය දැඩිව ඉස්මතු වී තිබේ. කෙසේ වුවත්, නලින්ද ජයතිස්ස මහතා තවදුරටත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇති අතර, නියෝජ්‍ය අමාත්‍ය ධුරය පමණක් වෙන් කිරීමට රජය අපේක්ෂා කරන බව වාර්තා වේ.
ඒ අනුව, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධුරය වෛද්‍ය හංසක විජේමුණි මහතා වෙත පවතින අතර, ජනමාධ්‍ය සඳහා වෙනම නියෝජ්‍ය අමාත්‍යවරයෙකු පත් කිරීමට සැලසුම් කර ඇති බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
