දයාසිරි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහින් යකා නටයි(VIDEO)
අද (6) දින පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇති බව සඳහන්.
ඒ කතාබහට ලක්ව ඇති බහාලුම් 323 මුදාහැරීම ගැන ප්‍රකාශ ලබාදීමට බව වාර්තා වේ.
ඒ අනුව එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් බහාලුම් මුදාහැරීම සම්බන්ධයෙන් කැඳවිය යුත්තේ විෂයභාර අමාත්‍යවරයා සහ නිදහස් කළ කමිටුව බව ප්‍රකාශ කර ඇත.
එසේ විය යුතු වුවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත්තේ, ගැටලුව ඉදිරිපත් කළ පිරිස පමණක් බව ද මෙහිදී මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.
තවද ඔහු පවසන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආණ්ඩුවේ ආයතනයක් බවට පත්කරගෙන ඇති බවයි.
එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විපක්ෂය මර්දනය කිරීමට සහ ආණ්ඩුවේ අයව බේරීමට යොදාගන්නා බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.