තෙල් සැපයුම අවුලෙන් අවුලට! පිරවුම්හල් විදේශිකයන්ට පවරයිද? දැන් ඇහෙන අලුත්ම ආරංචිය

Fuel Price In Sri Lanka Sri Lanka Fuel Crisis
By Gagana News Mar 03, 2025 04:29 AM GMT
Gagana News

Gagana News

Report

ආණ්ඩුව විසින් ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් විදේශ සමාගම්වලට පැවරීමේ උත්සහායක නිරත වන බවට සැකයක් මතුවන බව ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

එහි උපසභාපති කුසුම් සදනායක මහතා පැවසුවේ ඒ සඳහා රජය විවිධ උත්සාහ දරමින් සිටින බවය.

මේ අතර ඉන්ධන පිරවුම්හල්හිමියන්ගේ 3%ක කොමිස් මුදල කප්පාදු කිරීම සම්බන්ධයෙන් අද (03) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් සංදේශයක් භාරදීමට ද කටයුතු කරන බව ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උපසභාපති කුසුම් සදනායක මහතා පැවසුවේය.


මේ අතර ලංකා ඉන්දීය තෙල් සමාගමේ බෙදුම්කරුවන් ද ඉන්ධන ඇණවුම් අත්හිටුවීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.

එහි සභාපති කෝසල විදානආරච්චි මහතා සඳහන් කළේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඇති කරන බලපෑම මත තමන්ට එක් ඇණවුමකින් රුපියල් 35,000ක පාඩුවක් සිදුවන බවය.

මේ අතර ඉන්ධන ඇනවුම් නොකිරීමට ගනු ලැබූ තීරණයේ කිසිදු වෙනසක් නොවන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ප්‍රකාශ කරන අතර ඉන්ධන නිකුත් කිරීමේදී බැංකු හා ක්‍රෙඩිට් කාඩ්පත්වලින් ගෙවීම් කිරීමට පාරිභෝගිකයන්ට ලබා දී තිබූ අවස්ථාව ද අහිමි කිරීමට සිදු විය හැකි බව ඔහු කවදුරටත් සඳහන් කර සිටියේය.

මේ අතර තෙල් බෙදාහැරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පාලනය කිරීම සඳහා රජයට දැක්මක් නොමැති බව නොච්චියාගම ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

අදත් දිවයින පුරා තද වැසි පිළිබඳ කෙරෙන දැනුම්දීම

අදත් දිවයින පුරා තද වැසි පිළිබඳ කෙරෙන දැනුම්දීම

 

බැංකු කාඩ් වලින් තෙල් ගහන්න බැහැ...මෙන්න හේතුව

බැංකු කාඩ් වලින් තෙල් ගහන්න බැහැ...මෙන්න හේතුව

   

ReeCha