සභාව උණුසුම් වෙයි - චමින්ද කතානායක සභාවේ හැප්පෙයි [VIDEO]
Parliament of Sri Lanka
Latest Headlines
Sinhala news
SriLanka News - Gagana
By Kaushi
අද දින පාර්ලිමේන්තු සභාවාරයේදී උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙන බවට වාර්තා වේ.
ඒ අනුව මෙම තත්ත්වය ඇතිව තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රිතුමා චමින්ද විජේසිරි මහතා සහ කථානායකවරයා අතරයි.
එහිදී කථානායකවරයා අවස්ථාව සමනය කිරීමට උත්සහ කළද එය සාර්ථක නොවීය.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රිතුමා චමින්ද විජේසිරි මහතා විසින්
" ඔබතුමා ඒකාධිපති කථානායකවරයෙක්නේ...ඉතිහාසයේ කථානායකවරයෝ අපිව නොමඟ යැව්වේ නැහැ." යනුවෙන් පවසා ඇත.
එයට පිළිතුරු ලෙස කථානායකවරයා ප්‍රකාශ කළේ
" ඔබතුමා ගෙදර ගිහින් මේක හොඳට කියව ගන්න. මේ හරි කරදරයක්. මෙච්චර කල් හිටපු මන්ත්‍රීතුමාලට මේක තේරුම් ගන්න බැරි නම් බරපතළ ප්‍රශ්නයක්" යනුවෙන්.
