අදත් දිවයින පුරා තද වැසි පිළිබඳ කෙරෙන දැනුම්දීම

By Gagana News Mar 03, 2025 03:52 AM GMT
Report

නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බවත් සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් වාර්තා වේ.

බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී තිබේ.

   

බැංකු කාඩ් වලින් තෙල් ගහන්න බැහැ...මෙන්න හේතුව

බැංකු කාඩ් වලින් තෙල් ගහන්න බැහැ...මෙන්න හේතුව

ජාතික සතියක් කාන්තාවන් වෙනුවෙන්

ජාතික සතියක් කාන්තාවන් වෙනුවෙන්

ට්‍රම්ප් පයින් ගැසූ සෙලෙන්ස්කීව චාල්ස් රජු වැළදගනියි

ට්‍රම්ප් පයින් ගැසූ සෙලෙන්ස්කීව චාල්ස් රජු වැළදගනියි