කොරෝනා ආසාදිතව නගරාධිපති මිය යයි...පවිත‍්‍රාත් සෞඛ්‍ය ඇමති ධුරයෙන් ඉවතට??...
කොවිඩ් -19 වෛරසය ආසාදිතව යාපනය පේදුරුතුඩුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි යාපනය, වැල්වැටිතුරෙයි නගර සභාවේ නගරාධිපති කෝනලිංගම් කරුණානන්දරාසා 11 උදෑසන මියගොස් ඇතැයි වැල්වැටිතුරෙයි පොලීසිය සහ සෞඛ්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
වැල්වැටිතුරෙයි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පැවසූවේ කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් නගරාධිපතිවරයා යාපනය පේදුරුතුඩුව මන්දිකෙයි රෝහලට පසුගිය 09 වැනිදා ඇතුලත් කොට නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි බවටය.
කෙසේ වෙතත් නගරාධිපතිවරයාට හෘද රෝගයකින් පෙලී ඇති අතර කොවීඩ් වැළඳීම හේතුවෙන් හෘද රෝගයද උත්සන්න වී මෙළෙස මිය ගොස් ඇත.
මේ වන විට නගරාධිපතිවරයගේ ආශ්‍රිතයින් හා නගර සභාවේ සියලු නිළධාරීන් රැපිඩි ඇන්ටිජන් පරීක්ෂාවන්ට හා පී .සී .ආර් පරීක්ෂාවන්ට යොමු කිරීමට පියවර ගෙන ඇතැයිද වැල්වැටිතුරෙයි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පැවසුවා.
ජිවිතක්ෂයට පත්වු වැල්වැටිතුරෙයි නගර සභාවේ නගරාධිපතිවරයා 76 හැවිරිදි වියේ පසු වූ අතර ඔහු දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් නගර සභාවට තේරී පත්විය.
මිය ගිය නගරාධිපතිවරයාගේ අවසන් කටයුතු වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී පූර්ණ නිරෝධායන නීතීන්ට අනුව සිදුකිරීමට පියවර ගෙන ඇතැයිද සෞක්‍ය නිලධාරී කාර්යාල වැඩිදුරටත් පැවසීය.
සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරන පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එම ධුරයෙන් ඉවත් කිරීමට රජය සූදානම් වන බව අද පුවත්පත් වාර්තා කරයි.
එළැඹෙන සතියේදී අමාත්‍යංශය කිහිපයක් සඳහා කැබිනට් සංශෝධනයක් සිදුවනු ඇති බවත් එහිදී එම වෙනස සිදු ඇති බවද එම වාර්තාවල දැක්වෙයි.
විදේශ කටයුතු, ජනමාධ්‍ය හා අධ්‍යාපන අමාත්‍ය ධුරවල වෙනස්කම් ඇතිවනු ඇතැයි එම වාර්තාවන් කියා සිටී.
You may like this video
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
