කරට කර තියුණු සටනකින් අනතුරුව Jaffna Kings ජයගනී
පන්දු 22කට මුහුණ දුන් අවිශ්ක ප්‍රනාන්දු හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 36ක් රැස් කළ අතර, ඔහු දැවී ගොස් පන්දු 6කට පසුව කමිල් මිෂාරද දැවී ගියේය.
කමිල් පන්දු 26කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 2ක් සමඟ වේගවත් ලකුණු 49ක් ලබා ගත්තේය. Jaffna Kings ඉනිමේ කැපී පෙනෙනම දක්ෂතාව දැක්වූයේ චමිඳු වික්‍රමසිංහයි.
ඔහු පන්දු 15කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් සමඟ ලකුණු 43ක් රැස් කළේය. චමිඳු වික්‍රමසිංහ සහ ශකීබ් අල් හසන් එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 23කදී ලකුණු 59ක වේගවත් සබඳතාවක් ගොඩනැගූහ.
කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් කොළඹ කණ්ඩායම දඹුල්ල සික්සර්ස් පරදා LPL අවසන් වටයේ බලාපොරොත්තු ඉහළ නංවයි
ශකීබ් පන්දු 16කදී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 22ක් ලබාගත් අතර, දුනිත් වෙල්ලාලගේ පන්දු 9කදී හතරේ පහරක් සමඟ නොදැවී ලකුණු 16ක් රැස් කළේය.
පන්දු යැවීමේදී Kandy Royals වෙනුවෙන් වනිඳු හසරංග සහ මොයින් අලි කඩුලු 2 බැගින් දවාගත් අතර, අසිත ප්‍රනාන්දු සහ සහූර් ඛාන් එක් කඩුල්ල බැගින් ලබා ගත්හ. ලකුණු 222ක ඉලක්කයක් හඹා ගිය Kandy Royals කණ්ඩායමද වේගවත් ආරම්භයක් ලබා ගත්තද, මැද පෙළ සහ පසුපෙළ පිතිකරුවන්ගෙන් ප්‍රමාණවත් සහයක් නොලැබීම හේතුවෙන් ජයග්‍රහණය අහිමි විය.
ආරම්භක පිතිකරුවන් වූ ලහිරු උදාර සහ පවන් සංදේශ් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 22කදී ලකුණු 41ක සබඳතාවක් ගොඩනැගූහ. ලහිරු උදාර පන්දු 15කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් සමඟ ලකුණු 30ක් ලබා ගත්තේය.
පවන් සංදේශ් පන්දු 21කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 5ක් සමඟ ලකුණු 48ක් රැස් කළ අතර, ඔහු සහ කුසල් පෙරේරා එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 50ක සබඳතාවක්ද ගොඩනැගූහ.
Kandy Royals ඉනිමේදී විජේ ශංකර් ලකුණු 25ක්, වනිඳු හසරංග ලකුණු 24ක් සහ ෂහීන් ෂා අෆ්රිඩි ලකුණු 24ක් ලබා ගත්හ. පන්දු යැවීමේදී Jaffna Kings වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ සහ ශකීබ් අල් හසන් කඩුලු 3 බැගින් දවාගත් අතර, සහූර් ඛාන් සහ ඩිල්ශාන් මදුශංක කඩුලු 2 බැගින් ලබා ගත්හ.
තරගයේ වීරයා ලෙස නම් කෙරුණේ Jaffna Kings කණ්ඩායමේ චමිඳු වික්‍රමසිංහයි. කෙටි ලකුණු පුවරුව Jaffna Kings – කඩුලු 6කට ලකුණු 221 (පන්දුවාර 20) කමිල් මිෂාර 49, චමිඳු වික්‍රමසිංහ 43, අවිශ්ක ප්‍රනාන්දු 36, ටෝහිඩ් හ්‍රිඩෝයි 21, ශකීබ් අල් හසන් නොදැවී 22 පන්දු යැවීම: මොයින් අලි 2/38, වනිඳු හසරංග 2/37 Kandy Royals – සියලු දෙනා දැවී ලකුණු 200 (පන්දුවාර 20) පවන් සංදේශ් 48, ලහිරු උදාර 30, විජේ ශංකර් 25, ෂහීන් ෂා අෆ්රිඩි 24, වනිඳු හසරංග 24 පන්දු යැවීම: ශකීබ් අල් හසන් 3/43, දුනිත් වෙල්ලාලගේ 3/11, සහූර් ඛාන් 2/32, ඩිල්ශාන් මදුශංක 2/36