මගීන් 46දෙනෙක් ගමන් ගත් සුඛෝපභෝගි බස්රථයක් පෙරලී යයි (VIDEO)

JAFFNA BUS ACCIDENT KANDY ROAD MADHAVACHCHIYA
By Sewvandhi Dec 10, 2021 05:08 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මැදවච්චිය පොලිස් වසමේ යාපනය - මහනුවර මාර්ගයේ දී සුඛෝපභෝගී පුද්ගලික බස්රථයක් මාර්ගයෙන් ඉවතට පැන වෙල්යායකට පෙරළී ගොස් තිබේ.

ඉකිරිගොල්ලෑව රණවිරු ගම්මානය හන්දියේ දී වැල්ලවත්ත සිට යාපනය දක්වා ධාවනය වු එම බස්රථය රියදුරුට පාලනය ගත නොහැකිව එලෙස පෙරළී ගොස් ඇතැයි පොලීසිය පවසයි.

අනතුර සිදුවන අවස්ථාවේ දී බස්රථය තුළ මගීන් 46දෙනෙක් සිට ඇති අතර ඉන් මගීන් 8දෙනෙකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ. අනතුර සම්බන්ධයෙන් බස්රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

මැදවච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. මේ අතර, පෑලියගොඩ පොලිස් වසමේ කොළඹ - නුවර මාර්ගයේ බුළුගහ හන්දියේ දී මහනුවර දෙසට ධාවනය වු ලොරි රථයක් පදික මාරුව මතින් ගමන්ගත් කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් 74 හැවිරිදි එම ප්‍රදේශයේ ම පදිංචි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW