සුප්‍රසිද්ධ සුරූපිනියගේ කෝටි ගණනක ස්ථාවර තැන්පතුව අත්හිටුවයි..!

By Sewvandhi Apr 30, 2022 09:52 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සුපිරි නිළි ජැක්ලින් ෆර්නැන්ඩස්ගේ ඉන්දීය රුපියල් කෝටි 7 ක ස්ථාවර තැන්පතුවක් අත්හිටුවා තිබෙනවා. ඒ සුකේෂ් චන්ද්‍රසේකර්ට එරෙහිව සිදු කරන ඉන්දීය රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණ සිද්ධියට අදාළ විමර්ශනයේ දී හෙළි වූ කරුණු මතයි.

ඉන්දියාවේ රන්බක්සි ප්‍රවර්ධකයන් වූ ෂිවින්දර් සිං සහ මල්වින්දර් සිං යන අය වෙතින් ඉන්දීය රුපියල් කෝටි 200 ක් වංචා කළ බවට සුකේෂ් චන්ද්‍රසේකර්ට චෝදනා එල්ල වී ඇති අතර ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතවයි පසුවන්නේ.

ජැක්ලින් ෆර්නැන්ඩස්, ඔහුගේ බිරිඳ වූ ලීනා පෝල් හරහා චන්ද්‍රසේකර් දැන සිටි බවට මූල්‍ය බුද්ධි ඒකකය විසින් හෙළි කරගෙන ඇති අතර, එහිදී අනාවරණ වූ තොරතුරු මතයි ජැක්ලින් ෆර්නැන්ඩස්ට අයත් ඉන්දීය රුපියල් කෝටි 7 ක ස්ථාවර තැන්පතුව අත්හිටුවීමට පියවර ගෙන ඇත්තේ.

අදාළ මුදල්වලින් කොටසක් ජැක්ලීන් නමට තැන්පත් කර ඇති බවට විමර්ශකයන් සැක පළ කරනවා. 36 හැවිරිදි මෙම රංගන ශිල්පිනිය ශ්‍රී ලාංකිකයෙකු වන අතර, ඇයගෙන් මෙම නඩුව සම්බන්ධයෙන් බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ මණ්ඩලය (ED) විසින් කිහිපවතාවක්ම ප්‍රශ්න කර ඇති බව ද වාර්තා වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha