"හැමෝගෙම ආශිර්වාදයෙන් අද අප්පච්චි උපන් දිනය සැමරුවා.." ජැක්සන් ඇන්තනි ගැන පුතු සජිත තැබූ ෆේස්බුක් සටහන..(PHOTOS)

Actors Sri Lankan Actor Jackson Anthony
By Sithumi Jul 08, 2022 04:39 PM GMT
Sithumi

Sithumi

Report

 ලංකාවේ ප්‍රවීණ කලාකරුවකු වන ජැක්සන් ඇන්තනී මහතා මීට දින කිහිපයකට පෙර අලියකු වැදීමෙන් රිය අනතුරකට ලක් වුනා. ඉන් අනතුරුව දින ගණනාවක්ම රෝහල්ගතව ප්‍රතිකාර ලබන ජැක්සන් ඇන්තනී මහත්මයා පිළිබඳව ඔහුගේ පුත් සජිත ඇන්තනි අද ෆේස්බුක් සටහනක් පළ කර තිබුණා.

ඔහු එහිදී සිය පියා වෙනුවෙන් ආශිර්වාද එක් කළ සියලු දෙනාටම එක්කල සියළුදෙනාටම ස්තූති කළ අතර අද ජැක්සන් ඇන්තනී මහතා රෝහල් කාර්ය කාර්ය මණ්ඩලය සමඟ සිය උපන්දිනය සැමරු බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා .

ඔහුගේ ෆේස්බුක් සටහන පහතින්,

උපුටා ගැනීම

අද දවසේ මගේ අප්පච්චිගේ නිරෝගී සුවය පතමින් උපන්දින සුබපැතුම් එවූ සියලු ආදරණීය හදවත් වලට ස්තූතියි. අද අප්පච්චි ඒ සියලු සුභපැතුම් වල ශක්තියෙන් කොලඹ ජාතික රෝහලේ ආදරණීය වෛද්‍ය කාර්ය මණ්ඩලය සමඟ උපන්දිනය සැමරුවා.

අප්පච්චිගේ නිරෝගී සුවය පැතූ පුන්චිම හදවතක් තමයි මගේ පුතා. පුතා ඉපදුනු දවසේ වැඩිපුරම සන්තෝස උනේ මගේ අප්පච්චි. ඉතින් මගේ පුතා අද අපිත් එක්ක රුවන්වැලි මහා සෑය අභියසයට ගිහින් එයාගේ පුන්චි හිතින් ප්‍රාර්ථනාවක් කලා.

ඒ ප්‍රාර්ථනාව ඉටු වේවා.. සුභ උපන්දිනයක් අප්පච්චි!



GalleryGallery