ජැක්සන් ඇන්තනීගේ සුවදුක් බැලීමට හදිසියේම රෝහලට ආ කෙනා

Mahinda Rajapaksa Sri Lanka Sri Lankan Actor Jackson Anthony
By Sewvandhi Aug 12, 2022 08:00 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රිය අනතුරක් හේතුවෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත ව ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ සුවදුක් විමසීම සඳහා මහින්ද රාජපක්ෂ කොළඹ ජාතික රෝහලට ගොස් ඇති බව වාර්තා වනවා.

ඊයේ (11) මහින්ද රාජපක්ෂ මෙසේ කොළඹ ජාතික රෝහලට ගොස් ඇති අතර, ජැක්සන් ඇන්තනීගේ තත්ත්වය පිළිබඳ ඔහුගේ පවුලේ අය සමඟ දීර්ඝ වෙලාවක් ද සාකච්ඡා කළ බව සඳහන්.

ජැක්සන් ඇන්තනී ව සුව කර ගැනීම සඳහා හැකි සෑ ම උපකාරයක් ම ඉටු කිරීමට තමන් සූදානම් බවත් මහින්ද රාජපක්ෂ එහි දී අවධාරණය කර තිබෙනවා.

ජැක්සන් ඇන්තනී ඇතුළු තවත් තිදෙනෙක් ගමන් ගත් කැබ් රථය අනතුරට ලක් වුණේ, පසුගිය ජූලි මස 02 වැනි දා අනුරාධපුර - තලාව මාර්ගයේ දී යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha