මෙරට හෝටලයක් සතුව ඇති එකම අහස් පාලම - ලංකාවේ විවෘත වෙන ඉන්දියානු රත්නදීපය..

Colombo Latest Headlines Decision Making
By krishani Apr 24, 2024 09:59 AM GMT
krishani

krishani

Report

අප්‍රේල් 25 වන දින ගාලු මුවදොර ඉදිරිපිට දී, ඉන්දියාවේ කොල්කටා හි ITC Limited සමාගමට අයත් සුඛෝපභෝගී එකතු කිරීමේ හෝටලයක් වන ITC රත්නදීප විවෘත කිරීමට නියමිතව ඇත.

මෙරට හෝටලයක් සතුව ඇති එකම අහස් පාලම - ලංකාවේ විවෘත වෙන ඉන්දියානු රත්නදීපය.. | Itc Ratnadeepa Hotel

මෙම සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය අලංකාර ලෙස සරසා ඇති කාමර සහ සේවා මහල්, නිවාස 352 කින් සමන්විත අතර විශාල පෞද්ගලික සඳළුතල සහිතව ඉදිකර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ හෝටලයක් සතුව ප්‍රථම වරට ඉදිව තිබෙන මීටර් 100ක් පමණ දිගින් යුත් අහස් පාලම මෙම සුඛෝපභෝගී හෝටලය සතු වේ.

කෙසේ වෙතත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් Santosh Jha සහ ITC Limited හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ Sanjiv Puri යන මහත්වරුන් එක්ව මෙම හෝටල් සංකීර්ණය විවෘත කිරීමට නියමිතය.