ශ්‍රි ලංකාවේ ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමත් ඉන්දියාවට භාර දෙයි.

Sri Lanka India
By Wayomi May 06, 2023 07:12 AM GMT
Wayomi

Wayomi

Report

ඉන්දියාව හා ලංකාව අතර ව්‍යාපෘති 3 කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජයේ අවධානය යොමුව තිබෙනවා.

මෙහිදී නවීන තාක්ෂණයෙන් යුතු හැදුනුම් පතක් නිකුත් කිරීම, සූර්ය බල විදුලි ව්‍යාපෘතිය හා ඉන්දියාව හා ලංකාව අතර නෞකා සේවයක් ආරම්භ කිරීමට නියමිතයි.

පසුගිය සතියේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක හා ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අතර පැවැති හමුවකදී මේ පිළිබඳව සාකච්ඡා කර ඇති බව සඳහන්.

ඒ, අනුව නවීන තාක්ෂණයෙන් යුතු හැදුනුම් පතක් නිකුත් කිරීමට අදාළව ඉන්දියානු රජය ආධාර කිරීමට කැමැත්ත පළ කර ඇති අතර ඊට අදාළ කටයුතු මේ වන විට සක්‍යතා මට්ටමේ පවතින අතර එය කඩිනමින් ආරම්භ කිරීමට නියමිතයි.

එමෙන්ම උතුරේ දූපත් තුනක සුර්ය විදුලි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිත අතර එය කඩිනමින් ආරම්භ කිරීම ගැන ද මෙහිදි සාකච්ඡා කර තිබෙනවා.

ඊට අමතරව ඉන්දියාවේ රාමේෂ්වරම් හා තලෙයි මන්නාරම අතර පෙරි නාවුක සේවයක් ආරම්භ කිරීමට අදාළව සාකච්ඡා කර ඇති අතර කන්කසන්තුරේ හා ඉන්දියාවේ කරිකාල් අතර පෙරි සේවය ආරම්භ කිරීම අවසන් අදියරේ පසු වන බව සඳහන්.

මෙම කටයුතු හැකි ඉක්මණින් ආරම්භ කිරීම ගැන මෙහිදි දෙපාර්ශවය එකඟතාවයට පැමිණ ඇති බවද වාර්තා වෙනවා.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW