ඊශ්‍රායල හමුදාවේ බුද්ධි අංශ ප්‍රධානියා ඉල්ලා අස්වෙයි...

By Gagana Apr 22, 2024 11:41 PM GMT
Report

පසුගිය ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම හේතුවෙන් ඊශ්‍රායලයේ හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් අහරොන් හලීවා (Aharon Haliva) ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් ඊශ්‍රායලට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ධුරයෙන් ඉවත් වූ පළමු හමුදා නායකයා ඔහු බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හමුදා මාණ්ඩලික ප්‍රධානියාගේ ඉල්ලා අස්වීම පිළිගත් බවත්, ඔහුගේ සේවයට ස්තූතිවන්ත වන බවත්, නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල හමුදාව කියා සිටියේ ය.