ලෝකයේම හදවත් කම්පා කළ රටවල් දෙකක කුරිරු යුද්ධයේ අවසානය ද?. ගාසාවයි ඊශ්‍රායලයයි එකවරම විශේෂ තීරණයකට යයි.. (PHOTOS)
දින 04ක සටන් විරාමයක් සඳහා ඊශ්‍රායල කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඒ අනුව මෙහිදී එකඟතාවය පළ කර ඇත්තේ ඊශ්‍රායලය විසින් රඳවාගෙන සිටින පලස්තීනුවන් 150ක් නිදහස් කිරීමටයි.
එමෙන් ම දිනකට ආධාර ට්‍රක් රථ 300ක් ගාසා තීරයට ඇතුළු කිරීමට අවසර දී තිබෙනවා.
කෙසේ වෙතත්, වැඩිදුරටත් වාර්තා වන්නේ හමාස් සංවිධානය ගාසා තීරයේ රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙකු නිදහස් කරන බවයි.
මේ අතර තම භාරයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් ඔවුන්ට භාරදීම සදහා එකඟතාවයකට පැමිණීමට සූදානම් බව ද හමාස් ප්‍රධානී ඉස්මයිල් හනියේ මුල්වරට සඳහන් කළේ ය.
මෙහි මැදිහත්කරුවන් ලෙස ඇමරිකාව සහ කටාර් රාජ්‍ය කටයුතු කරනු ලබයි.
මෙම ගනුදෙනුව සාර්ථක වුවහොත් හමාස් ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් 240 කට නිදහස හිමි වෙන බව ද වාර්තා වේ.
කෙසේ වෙතත්, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට අදාළව හමාස් සටන්කාමින්ගේ කොන්දේසි මෙතෙක් ඉදිරිපත් කර නොමැත.
