ඊශ්‍රායලය ගාසාව ගැන එකවරම විශේෂ තීරණයට ගිහින් - මින් පෙර කිසිම මොහොතක නොකළ දෙයක් හදිසියේම කරන්න යයි..

By krishani Nov 10, 2023 02:04 AM GMT
Report

ඊශ්‍රායලය විශේෂ එකඟතාවයකට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ සාමාන්‍ය වැසියන්ට පිටව යාම සඳහා උතුරු ගාසා තීරයේ සෑම දිනකම පැය 04ක හමුදා විරාමයක් ක්‍රියාත්මක කිරීමටයි.

මීට පෙර ඊශ්‍රායලය කිසිදු සටන් විරාමයකට එකඟ නොවිණ.

එය ඉතා යහපත් ප්‍රතිඵලයක් බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කර තිබෙනවා.

මේ වන විට ගාසා නගරයේ ප්‍රධාන රෝහල් 02ක් අවට දරුණු සටන් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ.

පසුගිය මස හත්වනදා ආරම්භ වූ මෙම ගැටුම් හේතුවෙන් දරුවන් 4,400 ක් ඇතුලු 10,800කට අධික පලස්තීනුවන් පිරිසක් මියගොස් ඇත.

එමෙන්ම, හමාස් ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ 1,400 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.