ලෝකයම අධි සංවේදී කළ, ඊශ්‍රායල හමාස් යුද පිටියෙන් ආ අලුත්ම තොරතුර මෙන්න.
දැනට ක්‍රියාත්මක ඊශ්‍රායල - හමාස් සටන් විරාමය තවත් දින දෙකකින් දීර්ඝ කර තිබෙනවා.
එයට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය එකඟ වී ඇත.
හමාස් සංවිධානය නිදහස් කරන සෑම ප්‍රාණ ඇපකරුවන් 10 දෙනෙක් සඳහා සටන් විරාමය එක් දිනකින් දීර්ඝ කිරීම තම අපේක්ෂාව බව ඊශ්‍රායලයේ සඳහන් කළේ ය.
මේ අතර, හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 14 දෙනෙකු සහ විදේශීය ජාතිකයින් තිදෙනෙකු නිදහස් කර තිබෙනවා.
ඒ වෙනුවට ඊශ්‍රායලය පලස්තීන සිරකරුවන් 39 දෙනෙකු නිදහස් කර ඇත.
ඒ බව එහි බන්ධනාගාර සේවය පවසා තිබෙනවා.
දැඩි ලෙස අවශ්‍යව ඇති ඉන්ධන, ආහාර සහ ඖෂධ ලබා ගැනීම සඳහා ගසාහි වැසියන් සටන් විරාමය භාවිතා කර ඇති බව වාර්තා වේ.
ඔක්තෝබර් 7 වැනිදා එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පුද්ගලයන් 1200ක් මිය ගියේ ය.
එමෙන්ම 240ක් පමණ ප්‍රාණ ඇපයට ගැනුණු අතර එතැන් සිට ඊශ්‍රායල පුද්ගලයින් 14,500 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව ගාසා හි හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ලෝකයේම හදවත් කම්පා කළ රටවල් දෙකක කුරිරු යුද්ධයේ අවසානය ද?. ගාසාවයි ඊශ්‍රායලයයි එකවරම විශේෂ තීරණයකට යයි.. (PHOTOS)
