ලොවම කම්පා කරමින් අල් ෂිෆා රෝහලට ඊශ්‍රායලයෙන් බරපතළ දැනුම්දීමක්..! පැයක් ඇතුලත ඉටුකළ යුතු දේ...
By Sewvandhi
අල් ෂිෆා රෝහලේ වෛද්‍යවරයෙකු පවසා ඇත්තේ, ගාසා තීරයේ අල් ෂිෆා රෝහලේ රෝගින්, කාර්‍ය මණ්ඩලය ඇතුළු සියලු දෙනාට පැයක් ඇතුළත ඉන් ඉවත් වන්නැයි ඊශ්‍රායල බලධාරින් දැනුම් දී ඇති බවයි.
අල් ජසීරා පුවත් ඒකකය මේ බව නිවේදනය කර ඇත. කෙසේ වෙතත් පැයක් ඇතුළත සියලු දෙනාට ඉවත් වීම සිදු කළ නොහැක්කක් බවයි, අල් ෂිෆා රෝහලේ වෛද්‍යවරුන් පවසන්නේ.
මේ අතර, දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් නගරයට ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් පලස්තීන ජාතිකයන් 26 දෙනෙකු මිය ගොස් ඇති බව සඳහන්ය.
ඉන් වැඩි පිරිසක් ළමුන් බව ද වාර්තා වේ.