ඊශ්‍රායලය සහ පලස්තීන ගැටුම් ගැන අලුත්ම තත්ත්වය මෙන්න..

Israel Death Palestine World Israel-Hamas War
By Aruna Oct 09, 2023 07:47 AM GMT
Aruna

Aruna

Report

හමාස් සාමාජිකයින් ඊශ්‍රායලයට සෙනසුරාදා (07) ප්‍රහාර එල්ල කරන අතරතුරදී තම සාමාජිකයින් ඊශ්‍රායල ජාතිකයින් 30 දෙනෙක් පමණ පැහැරගත් බව ඉස්ලාමික් ජිහාඩ් සංවිධානය පවසනවා.

එහි නායක ශියාඩ් අල්-නකාලා ඒ බව ප්‍රකාශ කර තිබේ.

ශියාඩ් අල්-නකාලා පවසන්නේ, ඊශ්‍රායලය රඳවාගෙන සිටින සියලුම පලස්තීන සිරකරුවන් නිදහස් කරන තෙක් එම පැහැරගත් පුද්ගලයින්ව නැවත නොයවන බවයි.

මේ අතර පසුගිය සෙනසුරාදා සිට මේ දක්වා ඇතිවූ සිද්ධීන් වලින් දෙපාර්ශ්වයේම 1,100කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා තහවුරු කරනවා.

එතෙක් මෙතෙක් ඊශ්‍රායලයට එල්ලකළ දරුණුතම පලස්තීන ප්‍රහාරය ලෙස මෙය බවත්, ඉන් ඊශ්‍රායල ජාතිකයින් 700කට අධික පිරිසක් මියගොස් තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් තහවුරු කරයි.

එසේම ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් පලස්තීනයේ පුද්ගලයින් 400 ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බව වාර්තා වේ.

ReeCha