වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

isolated colombo gampaha nuwara eliya rathnapura
By Sewvandhi May 04, 2021 01:58 AM GMT
Report

දිස්ත්‍රික්ක කිහිපයක තවත් ග්‍රාම නිලධාරි කොට්ඨාස කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට තීරණයක කර තිබේ. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ පවතින කොවිඩ් -19 අවදානම සලකා එත තීරණය ගෙන ඇති බවය

 ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුමුල්ල පොලිස් බල ප්‍රදේශයේ විල්ලෝරාවත්ත ග්‍රාම නිලධාරි කොට්ඨාසය.

ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත පොලිස් බල ප්‍රදේශයේ ඇල්දෙණිය පල්ලිය පටුමග සහ රණවිරු ධර්මසිරි මාවත යන ග්‍රාම නිලධාරි කොට්ඨාස.

රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර පොලිස් බල ප්‍රදේශයේ ගඟුල්විටිය ග්‍රාම නිලධාරි කොට්ඨාසය.

රක්වාන පොලිස් බල ප්‍රදේශයේ පොතුපිටිය උතුර ග්‍රාම නිලධාරී කොට්ඨාසය.

කලවාන පොලිස් බල ප්‍රදේශයේ හපුගොඩ ග්‍රාම නිලධාරී කොට්ඨාසය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝවුඩ් පොලිස් බල ප්‍රදේශයේ ඉන්ජස්ට්‍රි ග්‍රාම නිලධාරී කොට්ඨාසය.

හැටන් පොලිස් බල ප්‍රදේශයේ ෆෝර්ඩටස් වත්ත ග්‍රාම නිලධාරි කොට්ඨාසය.

 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now