සහන මලු සමගින්,ඇඳිරි නීතිය මැද සියලුම සතොස අලෙවිසැල් විවෘත කරයි..

sathosa economic centers sadhasivam viyalendhan Bandhula Gunawardhana Gamunu vijerathna
By Sewvandhi Sep 13, 2021 12:21 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් -19 වසංගත තත්වය නිසා ඇති වී ඇති දැඩි ඛේදවාචකයේදී සියලුම සතොස අලෙවිසැල් විවෘත කර අත්‍යවශ්‍ය භාණ්ඩ ජනතාවට ලබාදීමට රජය පියවර ගනිමින් සිටින බව පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්දන් මහතා පැවසීය.

මේ බව පැවසූවේ මඩකලපුවේ සතොස අලෙවි සැල නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි. ජනතාවගේ යහපත සඳහා රජය මැදිහත්වී ජනතාවට අත්‍යවශ්‍ය හාන්ඩ හිගයකින් තොරව ලබාදීමට කටයුතු කරන බවද මෙහිදී අමාත්‍යවරයා පැවසීය.

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමාටද තමා මේ සම්බන්ධයෙන් යෝජනා මාලාවක් ලබාදී ඇති බවද අමාත්‍යවරයා පැවසීය. සමහර වෙළෙදුන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හංගමින් රජයත් ජනතාවත් අපහසුතාවට ලක්කිරීමේ කටයුතු වල නිරත වන බවද එම කටයුතු වලට ආණ්ඩුව ඉතා ශක්තිමත්ව මුහුණ දෙන බැවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වමින් පැවසීය.

මඩකලපුව සතොස අලෙවිසැලේ කාර්ය මණ්ඩලයටද උපදෙස් දෙමින් කිසිවිටකවත් ජනතාව අපහසුතා වලට ලක් නොකර අවශ්‍ය දේවල් ගබඩා කර පවත්වා ගෙන යායුතු බවත්, මොනම ගැටලුවකදී උවද තමාව දැනුවත් කරන ලෙසද දේශපාලන වශයෙන් කල හැකිදේ කරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මේ අතර, නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙන මේ මොහොතේ බොහෝ කර්මාන්ත හා සේවා රට තුළ පවත්වාගෙන යමින් ඇති බවත් මාර්ගයේ ගමන් නොකරන්නේ බස්රථ පමණක් බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

එනිසා පවතින තත්වය තුළ බස්රථ සේවය ද පවත්වාගෙන යාම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර දෙන්නැයි ඉල්ලා සිටින බව සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කීය.

කොරෝනා තත්ත්වය තුළ කර්මාන්ත පවත්වාගෙන යාමට වැඩපිළිවෙළක් සකස් කළ ද බස් කර්මාන්තය පවත්වාගෙන යාමට කිසිදු වැඩපිළිවෙලක් සකස් කර නැති වීම කණගාටුවට කාරණයක් යයිද ඔහු පැවසීය.

බස් කර්මාන්තයේ යෙදෙන බස් රථ හිමියන් දස දහසක් සහ සේවකයන් පනස් දහසක් පමණ සිටින නිසා ඔවුන් පවතින තත්ත්වය මත දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටින බවද පැවසූ ඔහු මෙම කර්මාන්තය ද පවත්වාගෙන යාම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන්නැයි ද ඉල්ලා සිටී.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now