දිවයින පුරා උද්ඝෝශන රැසක් - වීඩියෝ සහිතයි

Covid 19 Picket Corona virua
By Sithumi Oct 18, 2021 04:46 PM GMT
Sithumi

Sithumi

Report

අදත් (18) පොහොර ඉල්ලා දිවයින පුරා ගොවි උද්ඝෝෂණ පැවැත්වුණු අතර යාපනය හා මඩකලපුව ප්‍රදේශවලද පළමුවරට උද්ඝෝෂණ සංවිධාන කර තිබෙනු දක්නට ලැබුණි. එප්පාවල ගොවි සංවිධාන එකමුතුව එප්පාවල නගරයේදී ගොවීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් උද්ඝෝෂණයක් සංවිධාන කර තිබුණි.

ඒ, මෙවර මහකන්නයේ වී වගාව සඳහා ප්‍රමිතියෙන් යුත් පොහොර නිසි කලට ලබාදිය යුතු බවට රජයට බල කරමිනි. මේ අතර, ගොවි සංවිධාන 20ක් නියෝජනය කරන මාදුරුඔය මිටියාවතේ ගොවි අයිතීන් සුරැකීමේ සංවිධානය අද වැලිකන්ද අසේලපුරදී උද්ඝෝෂණයක් සංවිධාන කර තිබුණේ පොහොර ගැටලුවට විසඳුම් ඉල්ලමින්ය.

ගොවි සංවිධාන 16කින් සැදුම්ලත් අම්පාර නාමල්ඔය රාජ්‍ය ගොවි සංවිධාන එකමුතුව අද නාමල් ඔය වැව් බැම්ම මත උද්ඝෝෂණයක නිරත විය.

එමෙන්ම, පොහොර ඉල්ලා අම්පාර උහන නගරයේද අද ගොවි උද්ඝෝෂණයක් සංවිධාන කර තිබුණි. පොළොන්නරුව ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අත්තනකඩවල යාය 28 ප්‍රදේශයේ කව්පි වගාවේ අස්වනු හටගැනීම මේ වනවිට ආරම්භ වී ඇති අතර කෘමි සතුන්ගෙන් වන උවදුරු වළක්වා ගැනීම සඳහා කෘමි නාශක නොමැති වීමෙන් එම ගොවීන් අසීරුතාවට පත්ව සිටී. 

හාලිඇල, උඩුවර, නෙළුව, කටුගහකිරින්ද ප්‍රදේශවල බෝංචි වගාව සඳහා කොම්පෝස්ට් පොහොර පමණක් යෙදීමෙන් අස්වනු කහ පැහැයට හැරී ඇතැයි ගොවීන් පෙන්වා දෙයි. මේ අතර, තේ වගාවට රසායනික පොහොර ඉල්ලා කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනය සංවිධාන කළ උද්ඝෝෂණයක් ඊයේ (17) මොරවක වැලිව ප්‍රදේශයේදී පැවැත්විය.

කෙසේ වෙතත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ.ජයසිංහ මහතා සඳහන් කළේ මේවර සියලු වගාවන් සඳහා රජය ඉන්දියාවෙන් ආනයනය කරන නැනෝ නයිට්‍රජන් ශාක පෝෂක දියර ලීටර ලක්ෂ 31 න් පළමු ලීටර ලක්ෂය හෙට (19) ගුවන් මගින් දිවයිනට රැගෙන ඒමට නියමිත බව ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now