දෙහිවල අනතුර ඇත්තටම රිය අනතුරක් ද ? මනුෂ්‍ය ඝාතනයක් ද ?

By Wayomi Feb 22, 2024 08:13 AM GMT
Report

දෙහිවලදී මෝටර් රථයක් ස්කූටර් වර්ගයේ යතුරුපැදියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, ස්කූටරයේ ගමන්කරමින් සිටි 52 හැවිරිදි මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

දෙහිවල කඩවත පාරේ පැරකුම්බා මාවතට හැරෙන මංසන්ධිය අසළ දී මෙම අනතුර සිදුව ඇති අතර එය හිතාමතා සිදුකළ මනුෂ්‍ය ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට පොලීසිය සැකපළ කරන කරනවා.

ඒ, අනුව මේ වනවිට පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර අනතුරට පෙර සැකකාර මෝටර් රථයේ රියදුරු සහ මියගොස් ඇති පුද්ගලයා අතර බහින්බස්වීමක් සිදුවී ඇත්ද යන්න සම්බන්ධයෙන්ද පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.

කෙසේ වෙතත් විමර්ශන සිදුකළ දෙහිවල පොලීසිය විසින් මේ වනවිට සැකකාර කාර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 30 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.