අදත් උදේම ජිවිතයක් බිලිගත් බිහිසුණු අනතුරක් - බස් රථයක් සහ ත්රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටෙයි
By Kaushi
මොණරාගල වැදිකුඹුර මාර්ගයේ කිලෝමීටර් හතරේ කණුව ආසන්නයේදී බස් රථයක් සහ ත්රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (28) දින උදෑසන මාරක අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම අනතුරින් ත්රිරෝද රථයේ ගමන්ගත් 8 හැවිරිදි කුඩා දැරියක්, කාන්තාවක් ඇතුළු සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා මොණරාගල දිස්ත්රික් රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
එහෙත් තුවාලකරුවන් අතර සිටි වයස අවුරුදු 70ක් පමණ වන පිරිමි පුද්ගලයකු රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත.
ඒ අනුව එසේ මියගොස් ඇත්තේ මොනරාගල අලියාගත්ත ප්රදේශයේ පදිංචිකරුවෙක් වේ.
මෙම අනතුර මොණරාගල දෙස සිට වැදිකුඹුර දෙසට පැමිණි ත්රිරෝද රථයක් සහ වැදිකුඹුර දෙස සිට මොණරාගල දෙසට පැමිණි මගී ප්රවාහන බස් රථයක ගැටී සිදුව ඇති බව පවසයි.
එමෙන්ම මොණරාගල රථ වාහන අංශය විසින් මේ පිළිබඳව වැඩිදුරු විමර්ශන සිදුකරයි.
තෙල් ගැන නරක ආරංචියක් - ඊයේ මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදී පෙට්රල් මිල ඉහළට - නවතම මිල ගණන් මෙන්න