තමාගේ අතට නොදී රියදුරාට දෙන්න කියා අල්ලස් ගැනීමට ගිය වාරි මාර්ග ඉංජිනේරුවරයාට සිද්ද උන දේ..

Report

අක්කරපත්තුව කොට්ඨාශයේ වාරිමාර්ග රක්ෂිත ඉඩමක් ගොඩකිරීම සදහා අවසර ලබාදීමට රුපියල් ලක්ෂ 04 ක් අල්ලස් ලෙස ඉල්ලා එයින් රුපියල් ලක්ෂ 02 ක් සිය රියදුරා ලවා ලබාගනිමින් සිටි වාරිමාර්ග ඉංජිනේරුවරයෙකු සහ මුදල් ලබාගත් රියදුරා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින්හට අක්කරපත්තුවේ දී අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

ශ්‍රී ලංකාවට ආසියාවේ තෙවැනි තැන ආව මොකක්ද මේ දර්ශකය..

ශ්‍රී ලංකාවට ආසියාවේ තෙවැනි තැන ආව මොකක්ද මේ දර්ශකය..

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින්හට කරන ලද දැනුම්දීමකට අනුව අක්කරපත්තුව ප්‍රදේශයේ සිදුකල විමර්ශනයක් අතරතුර, වාරිමාර්ග ඉංජිනේරුවරයා විසින් ඉඩම ගොඩකිරීම සදහා අවසර ඉල්ලූ පුද්ගලයා වෙත දුරකථන ඇමතුමක් ලබාදෙමින්, රුපියල් ලක්ෂ 02 ක මුදල සිය රියදුරාට ලබාදෙන ලෙස දන්වා තිබේ.

විරුද්ධවාදීන් එක්ක කතා කලායි නව හැවිරිදි දියණියට සුළු පියා කළ දේ..

විරුද්ධවාදීන් එක්ක කතා කලායි නව හැවිරිදි දියණියට සුළු පියා කළ දේ..

ඉඩම් හිමිකරුගෙන් මුදල් ලබාගත් රියදුරා මුදල් රැගෙන සිය නිවස වෙත යමින් සිටි අවස්ථාවේ පරීක්ෂාවෙන් සිටි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් අල්ලස් වශයෙන් ලබාගත් මුදල් සමග ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු වාරිමාර්ග ඉංජිනේරුවරයා ද, අත්අඩංගුවට ගෙන තිබේ.