බළන්ගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන්ගේ නඩුව සම්බන්ධයෙන් අධිකරණයෙන් නියෝග
බළන්ගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් දස දෙනා සම්බන්ධ සිද්ධියේ සම්පූර්ණ නඩු වාර්තාව සැකකාර පාර්ශ්වයගේ නිතීඥවරයාට ලබා දෙන ලෙස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුදීන් අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට අද (21) නියෝග කර තිබේ.
වෙරළ කලාපය තුළ අනවසර ඉදිකිරීමක් කර බුදුපිළිමයක් තැන්පත් කිරීමෙන් වෙරළ සම්පත් පනත කඩකිරීම සම්බන්ධයෙන් බළන්ගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් පිරිසක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.
මෙම සිද්ධියට අදාලව සැකකාර පාර්ශ්වය වෙනුවෙන් මෝසමක් ගොනු කරමින් නීතිඥ අරුණ ලක්සිරි උණවටුන කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කෙරූ බව සඳහන්.
මෙම මෝසම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නිතීඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මෙම නඩුවේ සැකකරුවන්ට එරෙහිව පවතින එක් චෝදනාවක් ඉවත් කර ගැනීමට නීතිපතිවරයා අභියාචනාධිකරණයේදී එකඟතාවයක් පළ කර ඇති බවයි.
මෙම නඩුව ඉකුත් 19 වන දින ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරයා අදාල එකගතාව සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දුන් බව ද නිතීඥවරයා අධිකරණයට සඳහන් කර තිබේ.
එදින පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ත්‍රිකුණාමලය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු නිලධාරීන් නීතිපතිවරයාගේ එම ස්ථාවරයට පටහැනිව යමින් විරෝධය පළ කළ බව ද නීතිඥවරයා අධිකරණයට දැනුම් දී ඇත.