ශ්‍රී ලංකාවට ආසියාවේ තෙවැනි තැන ආව මොකක්ද මේ දර්ශකය..

Sri Lanka World
By Piyumika Jun 13, 2024 06:21 AM GMT
Piyumika

Piyumika

Report

ගෝලිය ස්ත්‍රී පුරුෂ පරතරය අවම රටවල් අතර ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ තෙවන ස්ථානයට පත්ව ඇත.

විරුද්ධවාදීන් එක්ක කතා කලායි නව හැවිරිදි දියණියට සුළු පියා කළ දේ..

විරුද්ධවාදීන් එක්ක කතා කලායි නව හැවිරිදි දියණියට සුළු පියා කළ දේ..

වාර්ෂික ගෝලීය ස්ත්‍රී පුරුෂ පරතර වාර්තාවට අනුව දකුණු ආසියානු කලාපයේ පළමු ස්ථානය හිමිව ඇත්තේ බංග්ලාදේශයට ය.

නේපාලය දෙවන ස්ථානයේ පසුවන අතර ඉන්දියාව පස් වන ස්ථානයේත් පාකිස්තානය හත් වන ස්ථානයේත්වේ. ප්‍රධාන මානයන් හතරක් ඔස්සේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය මනිනු ලබන අතර 2006 වසරේ සිට මෙම ස්ත්‍රී පුරුෂ පරතර දර්ශකය ප්‍රකාශයට පත් කර තිබේ.

ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් වැඩිහිටියන්ට සැලකුවේ මෙහෙමයි..

ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් වැඩිහිටියන්ට සැලකුවේ මෙහෙමයි..

ලෝකයේ ස්ත්‍රී පුරුෂ පරතරය අවම රට ලෙස පළමු ස්ථානය හිමිව ඇත්තේ අයිස්ලන්තයට යි. එහි දෙවන ස්ථානය ෆින්ලන්තයට හිමිව ඇති අතර නොර්වේ රාජ්‍යය තෙවන ස්ථානයේත්, නවසීලන්තය සිව්වන ස්ථානයේත් ස්වීඩනය පස් වන ස්ථානයේත් පසු වේ.

හදවත් මිලියන ගණනකට සෙත සෑදූ විශිෂ්ටයකු දිවි ගමනට සමුදේ..

හදවත් මිලියන ගණනකට සෙත සෑදූ විශිෂ්ටයකු දිවි ගමනට සමුදේ..

ස්ත්‍රී පුරුෂ පරතරය යනු සමාජ, දේශපාලන, බුද්ධිමය, සංස්කෘතික හෝ ආර්ථික ජයග්‍රහණ හෝ ආකල්පවලින් පිළිබිඹු වන පරිදි ස්ත්‍රීන් සහ පුරුෂයන් අතර වෙනසයි.

ශ්‍රී ලංකාවට ආසියාවේ තෙවැනි තැන ආව මොකක්ද මේ දර්ශකය.. | Lanka Ranked Third In South Asia On The Gender Gap