වෙළෙඳපොළවල් කැළඹෙයි - ඇමෙරිකාව සහ යුරෝපා සංගමය අතර වෙළෙඳ ගිවිසුම නවතියි

Report

ඇමෙරිකාව සහ යුරෝපා සංගමය අතර ඉකුත් ජූලි මාසයේදී එළැඹි වෙළෙඳ ගිවිසුම අත් හිටුවීමට යුරෝපා පාර්ලිමේන්තුව තීරණයක් ගෙන ඇති බව වාර්තා වේ. ඒ ග්‍රීන්ලන්තය හේතුවෙන් ඇමෙරිකාව සහ යුරෝපා සංගමය අතර මතුව ඇති අර්බුදය නිසා බව සඳහන්.

ඒ අනුව මෙම වෙළෙඳ ගිවිසුම අත් හිටුවීමේ තීරණය අද (21) දින ප්‍රංශයේ ස්ට්‍රාස්බර්ග්හිදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

එම තීරණය ප්‍රකාශයට පත්කිරීමත් සමඟ ඇමෙරිකාව සහ යුරෝපා සංගමය අතර මතුව ඇති අර්බුදය තවත් උත්සන්න වීමේ අවදානමක් මතුවනු ඇති බව ද පැවසේ.

ජනාධිපතිතුමනි, තේරෙන විදිහටම මම මේක කියන්නම්..මකබෑවිලා පලයන් - මන්ත්‍රීවරයෙක් කුණුහරුපෙන්ම ට්‍රම්ප්ට අමතපු හේතුව

ජනාධිපතිතුමනි, තේරෙන විදිහටම මම මේක කියන්නම්..මකබෑවිලා පලයන් - මන්ත්‍රීවරයෙක් කුණුහරුපෙන්ම ට්‍රම්ප්ට අමතපු හේතුව

ඒ අනුව මෙම අර්බුදය දැනටමත් වෙළෙඳපොළවල් කැළඹීමට ලක් කර තිබෙන බව සඳහන්.

ඇමෙරිකාව යුරෝපා සංගමයට පැනවූ සියයට 30 ක තීරු බද්ද සියයට 15 දක්වා අඩු කිරීමටත්, ඒ සඳහා යුරෝපා සංගමය ඇමෙරිකාව තුළ ආයෝජන සිදු කිරීමටත්, ඇමෙරිකාවේ අපනයනයන්ට වැඩි වශයෙන් යුරෝපා සංගමයේ දොර ඇරිමටත්, එම ගිවිසුමෙන් දෙපාර්ශ්වය එකඟ වී තිබුණි.

එහෙත් එය ක්‍රියාත්මක කිරීමට යුරෝපා පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය වූ අතර ග්‍රීන්ලන්ත අර්බුදයත් සමඟ යුරෝපා පාර්ලිමේන්තුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

ට්‍රම්ප් මොකද්ද මේ කරලා තියෙන්නේ ලෝක සිතියම අලුත් කරලද?

ට්‍රම්ප් මොකද්ද මේ කරලා තියෙන්නේ ලෝක සිතියම අලුත් කරලද?

92 පෙට්‍රල් ඇතුළු ඉන්ධන ගැන නරක ආරංචියක් - මාස 14ක්..

92 පෙට්‍රල් ඇතුළු ඉන්ධන ගැන නරක ආරංචියක් - මාස 14ක්..