බොරැල්ල කනත්ත වටරවුම අසල උණුසුම් තත්ත්වයක් - පදික මාරුවේ ගුටි කෙළියක්

Report

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ පදික මාරුවේදී සිදුවූ බව කියන පහරදීමක් සම්බන්ධයෙන් 37 හැවිරිදි පුද්ගලයෙකු බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පෙරේදා (20) පස්වරුවේ පදිකයින් සඳහා වූ සංඥාවේ රතු එළිය දැල්වී තිබියදී පුද්ගලයින් දෙදෙනෙකු මාර්ගය හරහා ගමන් කර ඇති අතර, එම අවස්ථාවේ රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථයක් පදික මාරුව අසල නවතා ඇත.

එහිදී අදාළ ජීප් රථයේ රියදුරු නළාව නාද කිරීමත් සමඟ ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බවට මාලබේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බොරැල්ල පොලිසියට පැමිණිලි කර තිබේ.

රත්තරන් ගන්න හොදම දවස අද - 3000කින් අඩු වුණු අද රන් මිලේ වාර්තාගත අගයන් මෙන්න

රත්තරන් ගන්න හොදම දවස අද - 3000කින් අඩු වුණු අද රන් මිලේ වාර්තාගත අගයන් මෙන්න

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර, එහිදී ඔහු ගංජා භාවිතයට ඇබ්බැහි වී ඇති බවට අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

නාගවිල්ලුව දුම්රිය ස්ථානය කළඹමින් නන්නාදුන මළ සිරුරක්

නාගවිල්ලුව දුම්රිය ස්ථානය කළඹමින් නන්නාදුන මළ සිරුරක්

සැකකරු පැදවූ රේන්ජ් රෝවර් ජීප් රථය ද පොලිස් භාරයට ගෙන ඇති අතර, ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.