මුස්ලිම් රටවල පාලකයන් “සැබෑ සතුරා” හඳුනාගත යුතු බව ඉරානය කියයි

Report

මුස්ලිම් රටවල පාලකයන් තමන්ගේ “සැබෑ සතුරා” හඳුනාගෙන ඔවුන්ගේ සැලසුම් අවබෝධ කර ගනිමින් ඊට මුහුණ දිය යුතු බව ඉරානයේ ආධ්‍යාත්මික නායක මොජ්ටබා කමේනි පවසයි.

ඉස්ලාමීය එක්සත්තා සතිය වෙනුවෙන් නිකුත් කළ පණිවුඩයකදී ඔහු මේ බව සඳහන් කර ඇති අතර, විශේෂයෙන් බටහිර ආසියානු සහ ගල්ෆ් කලාපයේ මුස්ලිම් රටවල පාලකයන්ගෙන් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ඉල්ලා තිබේ.

ඉරාන රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් ඔහු පවසා ඇත්තේ ජාති, සංස්කෘතික, සමාජ, ආර්ථික, දේශපාලන හා භූගෝලීය වෙනස්කම් මුස්ලිම් ජනතාව අතර බෙදීම් ඇති කිරීම සඳහා භාවිත කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කරන බවයි.

මුස්ලිම් ජනතාව අතර එක්සත්භාවය ඉස්ලාමීය ශිෂ්ටාචාරයේ අභිවෘද්ධිය සඳහා අත්‍යවශ්‍ය බවද ඔහු අවධාරණය කර ඇත. එමෙන්ම, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය මුස්ලිම් ජනතාවගේ එක්සත්භාවයට සහ මිත්‍රත්වයට “ප්‍රධාන සතුරන්” බවටද ඉරාන ආධ්‍යාත්මික නායකයා චෝදනා කර තිබේ.

චීනය-කිර්ගිස්තාන සබඳතා තවත් ශක්තිමත් වෙයි - ෂී ජින්පිංගෙන් විශේෂ ප්‍රකාශයක්

චීනය-කිර්ගිස්තාන සබඳතා තවත් ශක්තිමත් වෙයි - ෂී ජින්පිංගෙන් විශේෂ ප්‍රකාශයක්

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයේ පමණක් නොව සමස්ත ඉස්ලාමීය ලෝකයේම සතුරන් ලෙස සැලකිය යුතු බවයි. මේ අතර, පසුගිය පෙබරවාරි මාසයේදී ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ඒකාබද්ධ ප්‍රහාරවලින් අනතුරුව මැදපෙරදිග කලාපයේ ආතතීන් තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් කලාපයේ ඇමෙරිකානු හමුදා පහසුකම් පවතින රටවල් වෙත ප්‍රහාර එල්ල කර තිබූ අතර, යුද්ධය අවසන් කිරීමේ අරමුණින් ජුනි මාසයේදී ඇමෙරිකාව සහ ඉරානය අතර කරුණු 14ක අවබෝධතා ගිවිසුමක්ද ඇති කරගෙන තිබුණි. කෙසේ වෙතත්, එම අතුරු ගිවිසුම වැඩි කලක් ක්‍රියාත්මක නොවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාව සහ උස්බෙකිස්තානය දිගුකාලීන යුරේනියම් සැපයුම් වැඩපිළිවෙළකට එකඟ වෙයි

ඉන්දියාව සහ උස්බෙකිස්තානය දිගුකාලීන යුරේනියම් සැපයුම් වැඩපිළිවෙළකට එකඟ වෙයි