ඉරානයෙන් කණගාටුදායක ආරංචියක් - හෝමූස් විවෘත කළ නොහැකි බව ඉරානය කියයි
අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් සටන් විරාමය උල්ලංඝනය කිරීම හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කළ නොහැකි බව ඉරානය සදහන් කරයි .
අමෙරිකාව විසින් ඉරාන වරායන් අවහිර කිරීම ගෝලීය ආර්ථිකය ප්‍රාණ ඇපයට ගැනීමක් ලෙස ඉරාන පාර්ලිමේන්තුවේ කථානායකවරයා සදහන් කර තිබේ.
ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සඳහන් කර ඇත්තේ, ඉරානය සාම සාකච්ඡා සඳහා විවෘතව පැවතින බවත්, ඒ සඳහා කැපවීම් කඩකිරීම, අවහිර කිරීම් සහ තර්ජනය කිරීම් සැබෑ සාකච්ඡාවක් සඳහා ප්‍රධාන බාධක වනු ඇති බවයි.
අමෙරිකනු ජනපති කෙසේ වෙතත් ඉරානය සමඟ නව වටයක සාම සාකච්ඡා ඉදිරි පැය 36 සිට 72 දක්වා කාලය ඇතුළත ආරම්භ වීමට ඉඩ ඇති බවයි .
ඉරානය සමඟ පවතින සටන් විරාමය දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීමෙන් පසු මෙම නිවේදනය නිකුත්කර තිබීම විශේෂත්වයකි.
ඒ වගේම පාකිස්තානය මැදිහත් වී සිදු කරන සාම සාකච්ඡා සාර්ථක මාවතකට අවතීර්ණ වී තිබෙන බව එය සිදුවීමට ඉඩ ඇති බවයි ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත තවද ඊයේ (22) දින අවසන් වීමට තිබූ සටන් විරාමය පාකිස්තානයේ ඉල්ලීම පරිදි දීර්ඝ කිරීමට ජනාධිපති ට්‍රම්ප් කටයුතු කර තිබේ.