ඉරානයේ විරෝධතා ඉහලට - මරණ ගණන අහසට

Report

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන ආකාරයට ඉරානයේ පැවැත්වෙන ආණ්ඩු විරෝධී විරෝධතාවලින් අවම වශයෙන් පුද්ගලයින් 5000ක් පමණ මිය ගොස් ඇති අතර ආරක්ෂක නිලධාරින් 500 දෙනෙකු ඇතුළත් වේ.

එමෙන්ම එරට අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි විසින් ඉරානයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලදී විරෝධතාකරුවන් දහස් ගණනක් මියගොස් ඇති බවට පිළිගෙන ඇත.

අද දිනයේ එරට රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමින් කමේනි සඳහන් කර ඇත්තේ විරෝධතා අතරතුර දහස් ගණනක පිරිසක් මියගොස් ඇති අතර අමෙරිකාවට හා ඊශ්‍රායලයට සම්බන්ධ පිරිස් විසින් සිය රටට විශාල හානියක් සිදු කළ අතර ඔවුන් මෙම මරණවලට වගකිව යුතු බව ඉරාන ආධ්‍යාත්මික නායකයා පවසා ඇත.

ඉරාන ජාතියට සිදු කළ හානිය හේතුවෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අපරාධකරුවෙකු ලෙස සළකන බව ද අල් කමේනි ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි.