පොලිස් භාරයේ දී කාන්තාවක් මියයෑම නිසා ජනතාව ගත් තීරණය..
ඉරාන පොලිස් භාරයේ සිටියදී කාන්තාවක් මියයෑම සම්බන්ධයෙන් කෝපයට පත් එරට ජනතාව විරෝධතාවල නිරත වේ.
ඉරානයේ කුර්දිස්ථාන් ප්‍රදේශයේදී මාසා අමිනි නම් කාන්තාව ටෙහෙරාන් පොලීසියේ අත්අඩංගුවට පත්වන්නේ මුස්ලිම් කාන්තාවන් හිස පළඳින හිජාබය නිවැරදිව නොපැළඳි බවට වූ චෝදනාව යටතේ වන අතර පොලිස් අත්අඩංගුවට පත් වීමෙන් දින තුනකට පසු ඇය මියගිය ගියේ ය.
බලධාරීන් පැවසූවේ ස්වාභාවික රෝගයක් හේතුවෙන් කෝමා තත්ත්වයට පත් වීමෙන් ඇය මිය ගිය බව වන අතර ඇයගේ හිසට පහර වැදී තිබූ බවට වාර්තාවල සඳහන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එම සිදුවීමෙන් කෝපයට පත් එරට වැසියන් මේ වන විට දින කිහිපයක සිට විරෝධතාවල නිරත වෙමින් සිටියි.
විරෝධතා සඳහා තුර්කි, කැනඩා සහ ජර්මානු වැසියන්ද සහය දක්වන අතර එහිදී ජර්මානු කාන්තාවන් සිය හිස කෙස් කපා දමමින් විරෝධය දක්වයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |