ෆාතිමාව වහාම ඉවත් කරන්න - ඉරාන ලොක්කෙක්ගේ දුවට ඇමරිකාවේදී කරදරයක්
ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානිගේ දියණියක අමෙරිකාවේ එමරි විශ්වවිද්‍යාලයේ දැරූ තනතුරෙන් ඉවත් කර ඇති බව Califoia Post පුවත්පත වාර්තා කර ඇත. වාර්තා වන ආකාරයට ඇයව සේවයේ යෙදවීමට එරෙහිව එල්ල වූ දැඩි මහජන විරෝධය මීට හේතු වී ඇත.
එමරි විශ්වවිද්‍යාලයට අනුබද්ධ වින්ෂිප් පිළිකා ආයතනයේ (Winship Cancer Institute) සහකාර මහාචාර්යවරියක ලෙස කටයුතු කළ ෆාතිමා අර්ඩෙෂිර්-ලාරිජානි (Fatemeh Ardeshir-Larijani) තවදුරටත් එහි සේවය නොකරන බව විශ්වවිද්‍යාල ප්‍රකාශකයෙක් එම පුවත්පතට පවසා ඇත.
නිව්යෝර්ක් පෝස්ට් වාර්තා කරන්නේ පසුගිය දෙසැම්බර් අග භාගයේ සිට ඉරානය තුළ විරෝධතාකරුවන්ට එරෙහිව සිදුවන මර්දනය සැලකිල්ලට ගනිමින්, ෆාතිමාව සේවයෙන් ඉවත් කරන ලෙසත්, ඇයව අමෙරිකාවෙන් පිටුවහල් කරන ලෙසත්, බල කරමින් දැඩි පීඩනයක් එල්ල වී ඇති බවයි.
ඇයව වහාම පිටුවහල් කරන ලෙස ඉල්ලා පුද්ගලයින් ලක්ෂයකට ආසන්න පිරිසක් අත්සන් කළ අන්තර්ජාල පෙත්සමක් පිළිබඳව 'ද පෝස්ට්' (The Post) වාර්තා කිරීමත් සමඟ මෙම පීඩනය තවත් වැඩිව ඇත.
එසේම ජෝර්ජියා ප්‍රාන්තයේ නියෝජිත අර්ල් "බඩී" කාටර්, ෆාතිමාව සේවයෙන් ඉවත් කර ඇයගේ වෛද්‍ය බලපත්‍රය අවලංගු කරන ලෙස එමරි විශ්වවිද්‍යාලයෙන් සහ ජෝර්ජියා වෛද්‍ය මණ්ඩලයෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.