පාසල් දරුවන් වෙනුවෙන් ඉරාජ් අලුත්ම වැඩකට අතගහයි...ප්‍රභයන් රැසකගෙන් සහය!!.

Sri Lanka Laptops School children Iraj weerarathne Dudli sirisena
By Aruna Sep 03, 2021 04:32 AM GMT
Aruna

Aruna

Report

Online ඉගෙන ගන්න Computer පහසුකම් නැති ළමයින්ට ඉරාජ්ගෙන් Computer එකතු කරන රැල්ලක්!

Online ඉගෙන ගන්න Computer පහසුකම් නැති ළමයින්ට ඉරාජ්ගෙන් Computer එකතු කරන රැල්ලක් ඉරාජ්3 වීරරත්න නම කියපු සැනින් හැමෝම අඳුරන චරිතයක්.

කාලයෙන් කාලයට කතා බහට ලක්වෙන පුද්ගලයෙක් කිව්වොත් නිවැරදියි. ඉතින් ඉරාජ් මුහුණුපොතේ හරි අපුරු වැඩක් පටන් ගෙන තියෙනවා.

මේ දවස්වල දරුවන් වගේම ගුරුවරුන් පවා දැඩි පිඩනයකින් ඉන්නේ මේ ඔන්ලයින් අධ්‍යාපනය නිසා.

ඉතින් සමහර දරුවන්ට වගේම ගුරුවරුන්ටත් මේ ඔන්ලයින් අධ්‍යාපනය නිසා දැඩි අසීරුතාවයකට පත්වෙන්න සිද්ධ වෙලා තියෙනවා.

ඒ ඔන්ලයින් යාමට දුරකථන, ලැප්ටොප් වගේ දේවල් නොමැතිකමින්.

ඉතින් මේ සඳහා විසඳුමක් දෙන්න ඉරාජ් මැදිහත් වෙලා තියෙනවා.

ඉරාජ් මේ සඳහා සහයෝගය දෙන්න කියලා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලුදෙනාටම ආරාධනා කරනවා.

ඉතින් ඉරාජ් පියල් නිශාන්ත මන්ත්‍රීතුමාගේ පෝස්ට් එකකට කමෙන්ට් එකක් දාලා තිබුනා.

එමෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහෝදරයා වන ඩඩ්ලි සිරිසේන මහතාද මෙම පරිගණක සහ ෆෝන් 200 ලබා දීමේ ව්‍යාපෘතියට සහයෝගය ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඒ වගේම ඉරාජ් සිය මුහුනුපොතේ තැබූ සටහනට ගොඩක් ගුරුවරු නොමිලේ online හරහා උගන්වන්න කැමැත්ත පළ කර තිබුණා.

මෙලෙස කැමැත්ත පළකල සියලු දේනාගේ විස්තර පහතින්,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now



GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha