අනිද්දා ඇරඹෙන අයෝරා.
Sri Lanka
India
Bangladesh
By Hashini
ඉන්දීය සාගර වටද්දර සංගමයේ අමාත්‍ය මණ්ඩල රැස්වීම අනිද්දා (11) මෙරටදී පැවැත්වෙනවා.
එම සංගමය අයෝරා නමින් හැඳින්වෙනවා.
එම සංගමය නිවේදනය කරන්නේ ඒ සඳහා නියෝජිත රටවල් 23හි විදේශ අමාත්‍යවරුන් සහභාගී වන බවයි.
අයෝරා සංගමයේ වත්මන් සභාපතිත්වය දරන්නේ බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයාය.
ඒ 2021 වසරේ සිටය.
2023 වසරේ සිට ඉදිරි වසර දෙකක කාලය සඳහා ශ්‍රී ලංකාවට එහි සභාපතීත්වය පිරිනැමීමද අනිද්දා සිදු කෙරෙනවා.
ඉන්දීය සාගර වටද්දර සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටුව අද (09) සහ හෙට (10) රැස්වීමට නියමිතයි.
එම රැස්වීමට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් සහ බංග්ලාදේශ විදේශ අමාත්‍ය අබ්දුල් මෝමන් මෙන්ම ඉරාන, මලයාසියා,දකුණු අප්‍රිකාව ඇතුළු රටවල විදේශ අමාත්‍යවරුන් එක්වීමට නියමිතයි.
