“වින්ඩ්ස්ක්‍රීන් එක කඩලා ආවා කියනවා, වින්ඩ්ස්ක්‍රීන් එක මේ තියෙන්නෙ...? ” - රටම කතාවෙන මහවැලි ගඟේ ගිලුණු මෝටර් රථයට ඇත්තටම සිදු වූ දේ - සියලු විස්තර එළියට(VIDEO / PHOTOS)
වේගය පාලනය කර ගත නොහැකිව, මහනුවර - ගුරුදෙණිය මාර්ගයේ ඉලුක්මෝදර ප්‍රදේශයෙන් මහවැලි ගඟේ වික්ටෝරියා ජලාශයට අයත් ප්‍රදේශයට වැටුණු මෝටර් රථය සහ අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර අද පස්වරුවේ සොයාගෙන තිබෙනවා.
මහනුවර පොලීසිය සහ යුද හමුදාව එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමේදී අනතුර සිදුවූ ස්ථානය ආසන්නයේ තිබී මෝටර් රථය සහ සිරුර සොයා ගැනුණු බවයි පොලීසිය සඳහන් කළේ.
39 හැවිරිදි අමිල ඒකනායක නැමැති ජිවිතක්ෂයට පත්වු පුද්ගලයා, මාලිඟාතැන්න ගුරුදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ තුන්දෙනෙකු ගමන් ගෙන ඇති අතර එහිදි මෝටර් පැදවු පුද්ගලයා සහ පිටුපස ගමන් තවත් පුද්ගලයෙකු ඉන් පිටතට පැන දිවි බේරාගෙන තිබෙනවා.
මහනුවර ජාතික රෝහලට ඇතුලත් කළ ඔවුන් දෙදෙනා ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවයි රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු ප්‍රකාශ කළේ.
මේ අතර, අනතුර සම්බන්ධයෙන් අවට රැස්ව සිටි පිරිස් විවිධ ආකාරයේ අදහස් දැක්වුවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |



