කොහොමද වැඩේ - දකුණේ දේශපාලන ලොක්කෝ 55ක් FCIDයට

Report

අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව විසින් දකුණු පළාත් සභාව විසුරුවා හැරීමට ආසන්නව තිබියදී රුපියල් කෝටි එකහමාරක් වටිනා ප්ලාස්ටික් පුටු මිලදී ගැනීම හා බෙදා හැරීම සම්බන්ධයෙන් සිදුවූ බවට කියන අක්‍රමිකතා පිළිබදව විමර්ශනයක් ආරම්භ කර ඇත.

අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව විසින් මෙම සිද්ධියට අදාළව දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් 55 දෙනෙකුගෙන්ම ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව වාර්තා වේ.

සෙව්වන්දිට නීති පොත කපලා තුවක්කුව හංගන් එන්න නීති පොත දුන් නීතිඥවරිය රඳවාගෙන ප්‍රශ්න කරයි

සෙව්වන්දිට නීති පොත කපලා තුවක්කුව හංගන් එන්න නීති පොත දුන් නීතිඥවරිය රඳවාගෙන ප්‍රශ්න කරයි

ඒ අනුව ප්‍රකාශ සටහන් කරගැනීම පෙරේදා ( 27) දින ආරම්භ වු අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරාල මහතා, පළාත් විපක්ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක පී. අශෝක ධනවංශ ද සිල්වා මහතා සහ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී රන්දිම ගමගේ මහතා ඇතුළු කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

එමෙන්ම ඊයේ (28) දින, ශ්‍රී ලංකා ජන පෙරමුණේ වත්මන් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ මහතා ඇතුළු තවත් හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් කොමිෂන් සභාව වෙත කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබී ඇත.

රනිල් අද අධිකරණයට - ආයෙත් ඇවිස්සුණු රනිල්ගේ නඩුව

රනිල් අද අධිකරණයට - ආයෙත් ඇවිස්සුණු රනිල්ගේ නඩුව

මෙම විමර්ශනය ඉදිරියට ගෙන යමින්, සිද්ධියට සම්බන්ධ බව කියන දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් 55 දෙනාම කැඳවා සම්පූර්ණ තොරතුරු ලබා ගැනීමට සූදානම් වන බව වාර්තා වේ.

පොලිස්පතිවරයා ජගත් ගැන කියූ කතාව අපි දන්නේ නැහැ - විජිත

පොලිස්පතිවරයා ජගත් ගැන කියූ කතාව අපි දන්නේ නැහැ - විජිත