ප්‍රමිතියෙන් තොර හෙල්මට් සොයා දිවයින පුරා මෙහෙයුමක් - 4,000කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට

Report

ප්‍රමිතියට අනුකූල නොවන හෙල්මට් වෙළෙඳපොළෙන් ඉවත් කිරීමේ අරමුණින් පාරිභෝගික සේවා අධිකාරිය විසින් දිවයින පුරා විශේෂ වැටලීම් මාලාවක් ක්‍රියාත්මක කර තිබේ.

පසුගිය ජූලි 27 වැනිදා 2003 අංක 09 දරන පාරිභෝගික සේවා අධිකාරී පනතේ 12(2) වගන්තිය යටතේ සිදුකළ මෙම මෙහෙයුමේදී වෙළෙඳ ස්ථාන 98ක් පරීක්ෂාවට ලක්කර ඇත.

එහිදී SLS සහතික නොමැතිව අලෙවි කළ හෙල්මට් 431ක් සහ කල් ඉකුත් වූ හෝ යාවත්කාලීන නොකළ SLS සහතික සහිත හෙල්මට් 3,520ක් ඇතුළුව හෙල්මට් 4,000කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

'රුපියල් 120ක ජල බෝතලයක් රුපියල් 150කට විකුණලා'' - දුම්රිය භෝජනාගාරයට ලක්ෂ ගණනක දඩයක්

'රුපියල් 120ක ජල බෝතලයක් රුපියල් 150කට විකුණලා'' - දුම්රිය භෝජනාගාරයට ලක්ෂ ගණනක දඩයක්

වෙළෙඳපොළේ අලෙවි වන භාණ්ඩවල ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය තහවුරු කිරීම මෙන්ම පාරිභෝගික ආරක්ෂාව සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.

ඔහු පෙන්වා දුන්නේ, මෙම වැටලීම් හදිසි ක්‍රියාමාර්ගයක් නොව, පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නීතියට අනුව සිදුකරන සාමාන්‍ය නියාමන ක්‍රියාවලියක කොටසක් බවයි.

මෝටර් සයිකල් ධාවකයන්ගේ සහ පසුපස ගමන් කරන මගීන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා නිසි ප්‍රමිතියෙන් යුතු හෙල්මට් භාවිතය අත්‍යවශ්‍ය බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෝටර් සයිකල් ධාවන තරග සඳහා භාවිත කරන හෙල්මට් සහ සාමාන්‍ය මාර්ග භාවිතයට සුදුසු හෙල්මට් අතර පැහැදිලි වෙනසක් පවතින බවත්, ඇතැම් හෙල්මට් ආරක්ෂිත උපකරණයක් වෙනුවට හුදෙක් අලංකාර භාණ්ඩයක් ලෙස නිෂ්පාදනය කර තිබීම බරපතළ අවදානමක් බවත් ඔහු සඳහන් කළේය.

නීතිවිරෝධී වත්කම්වලට වැඩ වරදී - දේපොළ රජයට පවරා ගැනීමට පොලිසියෙන් දැඩි පියවරක්

නීතිවිරෝධී වත්කම්වලට වැඩ වරදී - දේපොළ රජයට පවරා ගැනීමට පොලිසියෙන් දැඩි පියවරක්

මේ අතර, 2026 ජනවාරි 1 වැනිදා සිට ජූනි 30 දක්වා කාලය තුළ පාරිභෝගික සේවා අධිකාරිය විසින් නඩු 53ක් පවරා ඇති අතර, ඉන් නඩු 39ක් අවසන් කර තිබේ. තවත් නඩු 151ක් ඉදිරියේදී පැවරීමට නියමිත බවද සඳහන් වේ.

පාරිභෝගික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වෙළෙඳපොළේ අලෙවි කරන සෑම හෙල්මට් එකක්ම SLS 517 ප්‍රමිතියට අනුකූලද සහ අදාළ සහතික ලාංඡනය සහිතද යන්න පරීක්ෂා කරන ලෙස අමාත්‍යවරයා ජනතාවට දැනුම් දී ඇත.

එමෙන්ම, SLS සහතික නොමැති හෝ කල් ඉකුත් වූ හෙල්මට් අලෙවි කිරීමෙන් වැළකී සිටින ලෙසත්, ලාභය පමණක් අරමුණු කරගෙන ප්‍රමිතියෙන් තොර ආරක්ෂක උපකරණ වෙළෙඳපොළට නිකුත් නොකරන ලෙසත් නිෂ්පාදකයන්, ආනයනකරුවන් සහ වෙළෙඳුන් වෙත අවධාරණය කර තිබේ.

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...