කොළඹ උද්ධමනය යළි ඉහළට - ජූලි මාසයේදී 7.3%ක් දක්වා වර්ධනය වෙයි
By Malith Madushan
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට (CCPI) අනුව 2026 ජූලි මාසයේදී මෙරට උද්ධමන අනුපාතය 7.3% දක්වා ඉහළ ගොස් තිබේ.ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවට අනුව, ජූනි මාසයේදී වාර්තා වූ 6.8%ක උද්ධමන අගය ජූලි මාසයේදී 7.3% දක්වා වර්ධනය වී ඇත.
මේ අතර, ආහාර කාණ්ඩයේ උද්ධමනයද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, එය පෙර මාසයේ සහ පෙර වසරට සාපේක්ෂව 3.6% සිට 6.3% දක්වා වැඩි වී තිබේ.
කෙසේ වෙතත්, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජූනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේදී සුළු අඩුවීමක් පෙන්නුම් කර ඇත.
ඒ අනුව එම කාණ්ඩයේ උද්ධමන අගය 8.4% සිට 7.8% දක්වා පහළ ගොස් තිබේ. ජූලි මාසයේ පාරිභෝගික මිල වෙනස්වීම් පිළිබඳ නවතම දත්ත මෙම වාර්තාව මගින් ඉදිරිපත් කර ඇත.