නිරෝධායන ඇඳිරි නීති නොතකා සුරූපී කාන්තාවන් සමඟ ජයටම ගනුදෙනු කළ ගණිකා නිවාසය (VIDEO)

police kottawa prostitute house
By Sewvandhi Sep 10, 2021 11:09 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නිරෝධායන ඇඳිරි නීති සමයේ පවා අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කොට කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙද වූ ස්ථානයක් වැටලීමට කොට්ටාව පොලිසිය සමත් වුණා.

කොට්ටාව පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් කොට්ටාව අගහරුවාදා පොළ ආසන්නයේ පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක් පරික්ෂා කිරීමේ දී එහි ඉහළ මාලයේ රඳවා සිටි කාන්තාවන් සිව් දෙනෙකු සහ ඔවුන්ගේ සේවය ලබාගැනීමට පැමිණි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

කොට්ටාව පොලිසියේ බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව ඔවුන් විසින් දීර්ඝ කලක් තිස්සේ කරන ලද විමර්ශනයකින් අනතුරුව යි මෙම වැටලීම සිදු කෙරුණේ.

මෙහි දී අත්අඩංගුවට ගැනුණු කාන්තාවන් මතුගම, බෙලිහුල්ඔය, බලංගොඩ, පාදුක්ක සහ කැලණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් වයස අවුරුදු 30 ත් 37 ත් අතර වයසේ පසුවෙන බවයි පොලිසිය පැවසුවේ.

මෙම වැටලීමේ දී අදාළ ගණිකා ව්‍යාපාරය පවත්වාගෙන යාමට භාවිත කළ සටහන් පොතක්, ජංගම දුරකතන පහක් සහ කාන්තාවන්ගේ පහස ලබා ගැනීම පිණිස පැමිණි පුද්ගලයා ඒ වෙනුවෙන් ගෙවා තිබූ රුපියල් පන්දහසක අත්තිකාරම් මුදලක් ද පොලිස් භාරයට ගැනුණා.

මෙම ජාවාරම පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල රුපියල් 70,000ක මාසික කුලී පදනම මත ලබා ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. මීට පෙර අවස්ථාවක ද මෙම ස්ථානය වටලා කාන්තාවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවයි කොට්ටාව පොලිසිය සඳහන් කළේ. අත්අඩංගුවට ගත් කාන්තාවන් අද හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කොට්ටාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha