ක්‍රිකට් අතුරු කමිටුවට - "විජයදාස රාජපක්ෂගේ පුතා පත් කළේ ඇයි.ධර්මදාස පවුලේ කෙනෙක් පත් කළේ ඇයි?"
ක්‍රිකට් අතුරු කමිටුවට පත් කරපු අය ගැන සැකයක් තිබෙන බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා.
එහිදී ඔහු ප්‍රශ්න කර සිටියේ, එම අතුරු කමිටුවට විජයදාස රාජපක්ෂගේ පුතා පත් කළේ ඇයි දැයි.. යනුවෙනි.
''ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රශ්නය අද ඊයේ ඇති වූ එකක් නොවේ.
ක්‍රිකට් බෝඩ් එක එක පැත්තකින් මුදලටත් එක පැත්තකින් දේශපාලනයටත් යටවී තිබේ.ක්‍රිකට් ක්‍රීඩකයන් තම දක්ෂතා පරිදි උපරිමයෙන් ක්‍රීඩා කරනවා.ක්‍රිකට් බෝඩ් එක මුදලට ගේම් ගහනවා.මේ ක්‍රියාව ගැන ජනතාව ඉන්නෙ ඉතා කනස්සල්ලෙන්.ක්‍රිකට් පරිපාලනයේ දූෂිත නිලධාරීන් නිසා ජයග්‍රහණ රටට අහිමි වෙනවා. ක්‍රිකට් බෝඩ් එක කෝප් කමිටුවටත් එන්න කැමති උනේ නැහැ .ඒකටත් ගෙන්න ගත්තේ ඉතා අමාරුවෙන්.
විශ්ව විද්‍යාලයක් ඇරඹීම සඳහා මහනුවර ගොඩනැගිල්ලක් කුලියට ගැනීම සම්බන්ධ මිලියන ගණන් වියදම් කිරීම සම්බන්ධයෙන් කෝප් කමිටුවේ විමර්ශනයක් තිබෙනවා.
ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉන්න පවුල් කීපයක් තිබෙනවා. සුමතිපාල පවුල කාලයක් අධිපතිකම දැරුවා ,ඊට පස්සේ ධර්මදාස පවුල ඊට පස්සේ රණතුංග පවුල.පරිපාලනය දරන්න ඕන මේ පවුල් තුන විතරද.අර්ජුන රණතුංග දක්ෂ ක්‍රීඩකයෙක්. නමුත් පරිපාලනයට සුදුසුද කියා ප්‍රශ්නයක් තිබෙනවා.
ක්‍රිකට් අතුරු කමිටුව පත් කරපු එක හොඳයි. නමුත් කමිටුවට පත් කරපු අය ගැන සැකයක් තිබෙනවා .'විජයදාස රාජපක්ෂගේ පුතා පත් කළේ ඇයි.ධර්මදාස පවුලේ කෙනෙක් පත් කළේ ඇයි?අර්ජුන කියන්නේ දක්ෂ ක්‍රීඩකයෙක්.ක්‍රිකට් අතුරු මණ්ඩලයට එතුමා පත් නොකර ඉන්න තිබුණා.එතුමා මීට පෙර ක්‍රිකට් බෝඩ් එකට චන්දෙ ඉල්ලපු එක්කෙනෙක්.ක්‍රීඩා ඇමතිතුමාගේ අවංක ඉදිරිපත්වීම බලලා වෙන කෙනෙක් ගේමක් ගහන බව පේනවා. ඒ ගේම ගැනත් බලන්න.''
