ජුලි මාසයේ සිට රජයෙන් පොලි සහනාධාරයක්. - අස්වැසුමත් වැඩිවෙයි.
Government Of Sri Lanka
By Wayomi
අස්වැසුම සුබසාධන යෝජනා ක්‍රමය ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බව ජනාධිපති අනුරකුමාර දිසානායක ප්‍රකාශ කළා.
ඒ, ජනාධිපතිවරයා අද (17) පාර්ලිමේන්තුවේදී 2025 අයවැය කතාවේදීයි.
මෙහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජනතාවගේ සැබෑ වැටුප අඩුවී ඇති බැවින් සාධාරණ වැටුප් වැඩිවීමක් ලබාදිය යුතු බවයි.
එමෙන්ම මානුෂීය රජයක වගකීම වන්නේ පුරවැසියන් රැකබලා ගැනීමයි.
ඒ, අනුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පහසුව සඳහා ජූලි මාසයේ සිට එම මුදල වැඩි කර තිබෙනවා.
මෙවර අයවැයෙන් ප්‍රමුඛතා වැඩකටයුතු සඳහා මුදල් වෙන්කර ඇති අතර මෙතෙක් අස්වැසුම නොලැබුණු පවුල් හඳුනාගැනීමේ විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

මෙවර මංගල අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කෙරේ.- වැඩි වූ ප්‍රමාණයන් මෙන්න. - (සටහන් සහිතයි - VIDEO)
You May Like This Video👇
