අන්තරේ කැඳවුම්කරු ඇතුළු කිහිප දෙනකුට කොවිඩ්
කොතලාවල පනතට එරෙහිව පසුගියදා පැවති විරෝධතාවයකදී අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 3 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
ඔවුන් මේ වනවිට බදුල්ල ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටින අතර, ඊයේ සිදුකළ කොරෝනා පරීක්ෂණයකදීයි මේ බව තහවුරු වී ඇත්තේ.
එලෙස කොරෝනා වෛරසය ආසාදනය වූ සෙසු පුද්ගලයින් වන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප් සහ කම්කරු අරගල මධ්‍යස්ථානයේ නියෝජිත චමීර කොස්වත්තයි.
නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබියදී විවිධ හේතූන් මත මහාමාර්ගයේ ගමන්ගත් 100 දෙනෙකුව අලුත්ගම දර්ගා නගරයේදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කිරීමට බලධාරීන් කටයුතු කළේය.
අලුත්ගම පොලිස් නිලධාරීන් හා බේරුවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව එම කටයුතු ක්‍රියාත්මක කළ බව අප වාර්තාකරු පැවසීය. එහිදී පුද්ගලයින් 8 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබුණි.
මේ අතර ගතවූ පැය 24 තුළ කොවිඩ් ආසාදිතයින් 4602 දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 412,370ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශ වාර්තාවේ සඳහන් වෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |