අන්තරේ කැඳවුම්කරු ඇතුළු 4ක් යළි රිමාන්ඩ්
පාර්ලිමේන්තු මාර්ගයේ පවතී විරෝධතාවක් අතරතුර මහරගම පොලිසියේ ස්ථානාධිපති වරයාට තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 04 දෙනෙකු ලබන 17 දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා.
මීට සතියකට පෙර කොතලාවල පෞද්ගලික විශ්ව විද්‍යාල පනතට එරෙහිවයි මෙම පාගමන සංවිධානය කර තිබෙන්නේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවය හේතුවෙන් බත්තරමුල්ලේ පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය අසල උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබේ.
කොතලාවල පනත වහා හකුලා ගන්නා ලෙස රජයට බලකරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය එම විරෝධතාවය සංවිධානය කර තිබෙන අතර පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේදී පොලීසිය ඔවුන්ගේ පාගමන අවහිර කර තිබුණි.
එහිදී උණුසුම්කාරී තත්ත්වය හටගත් අතර විරෝධතාවයේ නිරත සරසවි සිසුන් පොලීසියේ මාර්ග බාධක ඔසවා විසිකිරීමට උත්සහ ගෙන තිබුණි. පසුව ඔවුන් මිනීපෙට්ටියක් එම ස්ථානයේ ගිනි තබමින් විරෝධය දැක්විය.
මෙලෙස සිදු වූ විරෝධතා අතරතුර පොලිස් බාධක පෙරළා ඉදිරියට යාමේදී මහරගම පොලිස් ස්ථානාධිපතිවරයා තුවාල ලබා රෝහල් ගත කෙරුණු අතර එහිදී එතුමාට ඇඟිලි දෙකක් අහිමි විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
