අන්තරේ කැඳවුම්කරුට ලැබුණු දඬුවම (VIDEO)

jayawardhanapura interuniversity amila sandeepa vasantha kumara
By Sewvandhi Aug 06, 2021 10:32 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සන්දීප සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත කුමාර මුදලිගේ ලබන 11 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පසුගිය දින කිහිපයේ පැවැති උද්ඝෝෂණවලට අදාළව පොලීසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන අද (06) අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

පසුගිය දින කිහිපය තුළ පැවති උද්ඝෝෂණවලට අදාළව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු පිරිසක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. කුරුදුවත්ත සහ තලංගම යන පොලිස් ස්ථානවලින් සිදුකළ විමර්ශනවලට අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

ඒ අනුව ඔවුන් අද (06) කඩුවෙල සහ කොළඹ අලුත්කඩේ යන මහෙස්ත්‍රාත් අධිකරණවලට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා,

"ඊයේ තවත් 20ක් අත්අඩංගුවට ගත්තා. ඒ අතර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහශිෂ්‍ය සංගමයේ සභාපති යැයි පවසන අමිල සන්දීප, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලෙස සඳහන් වන වසන්ත කුමාර යන අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊට අමතරව මෙම උද්ඝෝෂණය සඳහා සංචරණ සීමා උල්ලංඝනය කරමින් විවිධ ප්‍රදේශවලින් පුද්ගලයින් රැගෙන පැමිණි වෑන් රථ 3ක රියදුරන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊට අමතරව ඊයේ කොළඹ සොයිසා වටරවුම ආසන්න ප්‍රදේශයේ පැවැත්වූ උද්ඝෝෂණයකට අදාළව නිරෝධායන රීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීම හේතුවෙන් පුද්ගලයින් 3 දෙනෙක් කුරුඳුවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට අරන් තියෙනවා."



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



ReeCha